Saturday, December 17, 2011

එළවළු කිලෝ ලක්‍ෂ 18 ක්‌ ඊයේ මැනිං වෙළෙඳ පොළට මිල ශීඝ්‍රයෙන් පහළ යයි

ප්‍රභාත් විතාන

පිටකොටුව මැනිං වෙළෙඳපොළ කටයුතු ඊයේ (16 වැනිදා) වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමග දින දෙකට ඉහතදී අධික මිලකට අලෙවි වූ එළවළු තොග මිල ඊයේ ශීඝ්‍ර ලෙස පහළ ගොස්‌ තිබිණි.

ඒ අනුව මැනිං වෙළෙඳපොළේ ගෝවා, කැරට්‌, බෝංචි, ලීක්‌ස්‌, පිපිඤ්ඤා, පතෝල, වට්‌ටකකා, වම්බටු, මෑකරල්, අළුකෙසෙල්, කරවිල, බීට්‌, රාබු, වැටකොළු, තක්‌කාලි, මාළුමිරිස්‌, දෙහි, අමු මිරිස්‌ කිලෝවක තොග මිල ඊයේ දහවල් වන විට පිළිවෙළින් රු. 60, 90, 45, 50, 40, 50, 70, 25, 50, 50, 110, 80, 30, 60, 200, 100, 70, 250 දක්‌වා මිල ගණන්වලට අලෙවි විය.

සාමාන්‍යයෙන් දිනකට එළවළු කිලෝ ලක්‍ෂ 10 ක්‌ පමණ රැගෙන ලොරි රථ 150 කට අධික ප්‍රමාණයක්‌ පැමිණෙන බවත් පසුගිය සිව් දින පුරා මැනිං වෙළෙඳුන් වෙළෙ¹මෙන් ඉවත්වීම නිසා ගොඩ ගැසුණු සියලු එළවළු, ගොවීන් විසින් ඊයේ මැනිං වෙළෙඳපොළ වෙත එවීම නිසා මෙම තත්ත්වය ඇති වූ බවත් මැනිං පොදු වෙළෙඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා පැවසීය.

ඊයේ පෙරවරුවේදී ලොරි රථ 200 ත් 250 ත් අතර ප්‍රමාණයක්‌ එළවළු රැගෙන මැනිං වෙළෙඳපොළට පැමිණ තිබිණි.

මේ නිසා පිටකොටුව මැනිං වෙළෙඳපොළට ඊයේ (16 වැනිදා) පමණක්‌ එළවළු කිලෝ ලක්‍ෂ 18 කට ආසන්න ප්‍රමාණයක්‌ ලැබුණු බවද අත්තනායක මහතා පැවසීය.

දිනකට බෝංචි ගෝනි 500 ත් 600 ත් අතර ප්‍රමාණයක්‌ මැනිං වෙළෙඳපොළට ලැබෙන නමුත් පසුගිය දිනවල ගොඩගැසුණු බෝංචි ගෝනි 2500 කට ආසන්න ප්‍රමාණයක්‌ ඊයේ මැනිං වෙළෙඳපොළට ලැබුණු බවත් මේ හේතුවෙන් බෝංචි කිලෝවක තොග මිල ශීඝ්‍රයෙන් පහළ යැම නිසා ගොවීන්ට හිමිවීමට තිබූ රුපියල් ලක්‍ෂ 70 කට අධික මුදලක්‌ අපතේ ගිය බවත් ඒ මහතා කියා සිටියේය.

එළවළු හා පලතුරු ප්‍රවාහනයේදී ප්ලාස්‌ටික්‌ කූඩ භාවිතය රජය විසින් අනිවාර්ය කිරීමට විරෝධය පා මැනිං වෙළෙඳුන් වෙළෙදාමෙන් ඉවත්වීම නිසා මෙම තත්ත්වය ඇති වූ අතර මේ තත්ත්වය ඉදිරි දින කීපය වන විටදී සාමාන්‍ය අතට පත්වෙනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


http://www.divaina.com/2011/12/17/news05.html

No comments:

Post a Comment