අජිත් අලහකෝන් සහ අකිත පෙරේරා
දිවයින පුරා පවතින ගොවි සංවිධාන දහතුන් දහසක් සඳහා එළවළු සහ පලතුරු ප්‍රවාහනයට රජය විසින් නොමිලේ ඇසුරුම් කූඩ ලබාදීමට තීරණය කර ඇතැයි වනජීවී හා ගොවිජන සේවා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16 දා) පැවසීය.
ප්‍රවාහනයේදී තැලෙන පොඩිවෙන එළවළු ප්ලාස්‌ටික් කූඩවල ඇසිරීමටත් එසේ නොවන ඒවා දැල් ගෝනිවල අසුරා ප්‍රවාහනයටත් ඉඩ සලස්‌වන බව හෙතෙම කීය.
මේ සම්බන්ධව එම ගොවි සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡා කොට එය ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2011/12/17/news13.html
No comments:
Post a Comment