Tuesday, December 6, 2011

ගොවි විශ්‍රාම වැටුප ගෙවයි (2 items)

ඔක්‌තෝබරයේ ගොවි විශ්‍රාම වැටුප අද සිට ගෙවයි

හොරණ - විධුර විජයනාථ

ගෙවීමට නොහැකි වූ ඔක්‌තෝබර් මස ගොවි විශ්‍රාම වැටුප අද සිට (6 දා) අදාළ තැපැල් කාර්යාලවලදී ගොවීන්ට ලබාගත හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්‌ඩලයේ සභාපතිනි නීsතිඥ සුමනා ආරියදාස මහත්මිය පැවැසුවාය.

ගොවි විශ්‍රාම වැටුප හිමි ගොවීන් අනූ එක්‌ දහසක්‌ (91000) දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 95 ක මුදල් චෙක්‌පත් තමන් අදාළ දිස්‌ත්‍රික්‌ සහකාර අධ්‍යක්‍ෂවරුන් වෙත භාර දුන් බව ද ඇය වැඩිදුරටත් පැවැසුවාය.

ඇතැම් විට කොළඹින් පිට දුර පළාත්වල තැපැල් කාර්යාලවලදී අද (06 දා) හෝ හෙට (7 දා) දින මෙම විශ්‍රාම වැටුප ලබාගැනීමට නොහැකි වුවහොත් එය මෙම සිකුරාදා (09 දා) වන විට අනිවාර්යයෙන්ම ලබාගත හැකි බව ද ඇය පවසයි.


http://www.divaina.com/2011/12/06/news10.html


ගොවි විශ්‍රාම වැටුප දැන් ගන්න පුළුවන්

හොරණ විශේෂ එම්. ඩී. වී. විජයනාථ

ගෙවීමට නොහැකි වූ ඔක්තෝබර් මස ගොවි විශ්‍රාම වැටුප අද සිට (6) අදාළ තැපැල් කාර්යාලවලදී ගොවි මහත්වරුන්ට ලබාගත හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිනී නීතිඥ සුමනා ආරියදාස මහත්මිය පැවැසුවාය.

ගොවි විශ්‍රාම වැටුප හිමි ගොවීන් අනූඑක්දහසක් වෙනුවෙන් රුපියල් මිලියන 95 ක මුදල් චෙක්පත් තමන් අදාළ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂවරුන් වෙත භාරදුන් බව ද ඒ මහත්මිය වැඩිදුරටත් කීවාය.

ඇතැම් විට කොළඹින් පිට දුර පළාත්වල තැපැල් කාර්යාලවලදී අද හෝ හෙට දින විශ්‍රාම වැටුප ලබාගැනීමට නොහැකි වුවහොත් එය මේ සිකුරාදා වන විට අනිවාර්යයෙන්ම ලබාගත හැකි බව ද ඇය පවසයි.

http://www.dinamina.lk/2011/12/06/_art.asp?fn=n1112067

No comments:

Post a Comment