Saturday, December 10, 2011

2012 වසරේදී මත්ස්‍ය නිෂ්පාදනය 10% කින් ඉහළට

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ලබන වසරේ දී (2012) ශ්‍රී ලංකාවේ සමස්‌ත මත්ස්‍ය නිෂ්පාදනය පසුගිය වසරට (2011) සාපේක්‍ෂව සියයට 10 කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මේ අනුව ලබන වසරේදී මුළු මත්ස්‍ය නිෂ්පාදනය මෙටි්‍රක්‌ටොන් 460,000 ක්‌ දක්‌වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඇස්‌තමේන්තු කර ඇත. උතුරු සහ නැගෙනහිර පළාත්වලින් අපේක්‍ෂිත මත්ස්‍ය ඵලදාව වැඩිවීම, සෙසු මුහුදුබඩ පළාත්වල මත්ස්‍ය නිෂ්පාදනයට යහපත් කාලගුණික තත්ත්වයක්‌ අඛණ්‌ඩව පැවැතීම සහ අලෙවිකරණය සහ යටිතල පහසුකම්වල වැඩි දියුණු කිරීම්ද මේ මත්ස්‍ය නිෂ්පාදනයේ වර්ධනයට හේතු වනු ඇතැයි මහ බැංකුව කියයි.


http://www.divaina.com/2011/12/10/news12.html

No comments:

Post a Comment