සිරිමෙවන් කස්තුරිආරච්චි
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල නව අභ්‍යන්තර ගුවන්තොටුපළ 02 ක් ඉදිකිරීමට කටයුතු යොදා ඇතැයි සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා "දිවයින"ට පැවැසීය.
එහි ප්‍රථම ගුවන් තොටුපළ මහනුවර ප්‍රදේශයේ ඉදිකරන බවත් ඒ සඳහා යෝජනා වී තිබෙන ඉඩම් පරීක්ෂා කිරීම මෙම 16 වැනිදා සිදුකරන බවත් හෙතෙම පැවැසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර අයවැයේදී යෝජනා කළ අභ්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මහනුවර සහ නුවරඑළිය ගුවන් තොටුපළ දෙක ඉදිකරන බව පැවසූ ඇමැති ජයරත්න මහතා ඊට අමතරව රත්මලාන, ත්‍රිකුණාමලය සහ ඉරණමඩු ගුවන් තොටුපළ නවීකරණය කිරීමට නියමිත බවද පැවැසීය.
මෙම කටයුතු සඳහා රජය විසින් රුපියල් මිලියන 750 ක මුදලක් ලබාදී ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
http://www.divaina.com/2011/12/10/news09.html
No comments:
Post a Comment