Wednesday, December 7, 2011

ලංගමෙන් තවත් අධි සුඛෝපභෝගී බස් රථ 25ක්

ශීලා උඩුවර

නව සුඛෝපභෝගී බස් රථ 25 ක් කොළඹ කේන්ද්‍ර කරගත් හඳුනාගත් මාර්ග සඳහා යොදවන බව ශ්‍රීීලංගම සභාපති එම්. ඩී. බන්දුසේන මහතා පැවසීය. මගීන්ට සුවපහසුවට යාම සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 5 ක් යෙදවීමේ වැඩසටහන යටතේ මේ වන විට මීගමුව මොරටුව ගම්පහ කොට්ටාව යන නගරවල සිට කොළඹ කොටුව දක්වා ධාවනයට යොදවා ඇති අතර ළඟදීම කඩුවෙල සිට කොටුව දක්වා අධි සුඛෝපභෝගී බස් සේවාව ද අරඹන බව සභාපතිවරයා කීය.

දැනට යොදවා ඇති බස් රථ වල මගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවද සභාපතිවරයා කීය. මෙම බස් රථයක ගමන් ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් වෙයි.


http://www.dinamina.lk/2011/12/07/_art.asp?fn=n11120717

No comments:

Post a Comment