මහින්ද අලුත්ගෙදර
මේ වසරේ මුල් මාස 9 ඇතුළත අමෙරිකානු ඩොලර් මිලියන 67.9ක (රුපියල් මිලියන 7469) සෘජු විදේශ ආයොජන ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 119 ක වර්ධනයක් බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙහිදී හෝටල් හා ආපනශාලා ක්ෂේත්රයේ දායකත්වය සියයට 30ක් වන අතර නිෂ්පාදිත ද්‍රව්‍යයන්හි දායකත්වය සියයට 23ක් හා දුරකථන හා විදුලි සංදේශ ජාල ක්ෂේත්රයේ දායකත්වය සියයට 20ක් බවද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නවතම වාර්තාවක් සඳහන් කරයි. මුරුසියෙන් ශ්‍රී ලංකාවට ලැබුණු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය සියයට 32ක් වන අතර ඉන්දියාව සියයට 14ක්ද හොංකොං රාජ්‍යය සියයට 10ක්ද මේ සඳහා දායක වී තිබේ.
http://www.dinamina.lk/2011/12/07/_art.asp?fn=n11120710
No comments:
Post a Comment