කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්
ජලය අනවසරයෙන් භාවිත කරන පිරිස අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජල මණ්‌ඩල පනත සංශෝධනය කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ 2011 කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.
ඊට අමතරව හොර රහසේ ජලය ලබාගන්නා පුද්ගලයන් හසු කර ගැනීම ඡන්දහිමි නාම ලේඛනය හා ජල මණ්‌ඩල පාරිභෝගිකයන් සැසඳීම තුළින්ද සිදු කිරීමට කටයුතු කරන බව එම වාර්තාවේ සඳහන් වේ.
මෙම වසර මුල් මාස දහය තුළදී පමණක් මෙවැනි පරික්‍ෂා කිරීම් 1800 ක් පමණ සිදු කර ජලය හොරට ගන්නා පුද්ගලයන් 485 ක් පසුකර ගත් බවද එමගින් රුපියල් කෝටි තුනක ආදායමක් උපයාගත් බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම කාර්ය සාධන වාර්තාව ඊයේ (06 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
http://www.divaina.com/2011/12/07/news22.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment