Friday, December 9, 2011

අධික වර්ෂාවෙන් මාතර ධීවර ක්ෂේත්‍රයට රුපියල් කෝටි 3½ ක අලාභයක්

යූ. එම්. රුවන් – දික්වැල්ල සමූහ

හමා ගිය දැඩි සුළං හා වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ධීවර ක්ෂේත්‍රයට සිදු වූ හානිය රුපියල් තුන් කෝටි හැත්තෑ හය ලක්‍ෂ හතළිස් දහසක් බවට මාතර දිස්ත්‍රික් ධීවර කාර්යාලය මඟින් තහවුරු කර තිබේ.පසුගිය 25 දින හමා ගිය සුළඟින් බහු දින ධීවර යාත්‍රා 7 ක් ද කුඩා ධීවර යාත්‍රා (බෝට්ටු) 11 ක් ද ඔරු 10 ක් ද සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන අතර ධීවර යාත්‍රා 42 කට අර්ධ හානි සිදු වී ඇත.

මීට අමතර දැල් ඇතුළු ධීවර ආම්පන්න ද විනාශ වී ඇති අතර කප්පරතොට හා මාතර තොටමුණ ප්‍රජා ශාලා 02 කට ද අලාභ හානි සිදු වී ඇත. නිවාස 28 කට ද අර්ධ යානි සිදු වී තිබෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.


http://www.dinamina.lk/2011/12/09/_art.asp?fn=n1112099

No comments:

Post a Comment