Friday, December 9, 2011

බාල ලුණු නිෂ්පාදනය කළ පුත්තලම ලුණු සමාගමට දඩ

කුලියාපිටිය විශේෂ – ඩබ්ලිව්. රණසිංහ

තත්ත්වයෙන් බාල කළ ලුණු නිෂ්පාදනය කිරීමේ වරදකට කුලියාපිටිය මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පුත්තලම ලුණු සමාගමකට රු. 3000ක දඩයක් නියම කළේය.

කුලියාපිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කුලියාපිටියේ පිදුම ප්‍රදේශයෙහි කළ සෝදිසි මෙහෙයුමක දී වෙළෙඳ සලක අළෙවි කළ පුත්තලම ලුණු සමාගමේ නිෂ්පාදිත ලුණු පැකට්ටුවක අන්තර්ගත ප්‍රතිමිතියෙන් තොර ලුණු බව රස පරීක්ෂක වාර්තාවලින් හෙළිව ඇත.

ලුණු කිලෝග්‍රෑමයක තිබිය යුතු නියමිත අයඩින් ප්‍රමාණය මිලිග්‍රෑම් 15 – 30 අතර විය යුතු නමුදු පුත්තලම ලුණු සමාගමේ නිෂ්පාදිතයෙහි ලුණු කිලෝග්‍රෑමයක අයඩින් මිලි ග්‍රෑම් 60.3ක් අඩංගුව ඇති බැව් රස පරීක්ෂක වාර්තාවේ දක්වා ඇත.

පුත්තලම ලුණු සමාගම නියෝජනය කෙරෙමින් අධිකරණයෙහි පෙනී සිටි බී. ඒ. ලියනගේ නමැත්තාට ඉහත දඩ මුදල අධිකරණයෙන් නියම කෙරිණ.

කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී නිල්මිනි කුමාරසිංහ මහත්මියගේ උපදෙස් මත, පරිපාලන ම. සෞ. ප. එම්. ඩී. ප්‍රේමදාස, දණ්ඩගමුව ම. සෞ, ප. ඩබ්. ඒ. එස්. එස්. ගුණවර්ධන යන මහත්වරුන් සිදු කළ වැටලීමක් මත මෙම නඩුව පවරා තිබිණ.


http://www.dinamina.lk/2011/12/09/_art.asp?fn=r1112093

No comments:

Post a Comment