මහින්ද අලුත්ගෙදර
ශ්‍රී ලංකා සමෘද්ධිය අධිකාරිය වෙනුවෙන් රුපියල් මිලියන 3000ක අතිරේක මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන බව රජය පවසයි. සමෘද්ධිය සඳහා අවම මුදලක් වෙන්කර ඇති බවට ඇතැමුන් චෝදනා කළ ද මේ වසර වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 9300 ඉක්මවා යමින් ලබන 2012 වර්ෂයට රුපියල් මිලියන 12300ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් රුපියල් 100,000ක මුදල් පිරිනැමු බවත් ඊට අමතරව මේ වසරේ දී සමෘද්ධි ව්‍යාපෘතින් 60690ක් රටපුරා ක්‍රියාත්මක කර තිබෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
ඊට අමතරව ග්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීම, බැංකු ප්‍රතිෂ්ඨාපනය කිරීම ආදිය වෙනුවෙන් ද මුදල් වෙන් කළ බව සඳහන් කළ ඒ මහතා ලබන වසරේ සිට නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන බවත් සමෘද්ධි නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කර තිබෙන බවත් කීවේ ය. දිළිඳුකම ඉලක්ක කරගත් ව්‍යාපෘති ලබන 2012 සිට ක්‍රියාත්මක කරන බවත් සමෘද්ධියට අමතරව සෑම ක්ෂේත්රයකම සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් රටපුරා ක්‍රියාත්මක වන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
මේ අතර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ රටේ එක් පාරක් තැනීම සඳහා විශාල වියදමක් යනවාදැයි ඇතැමුන් ප්‍රශ්න කරන බවයි. ඊට ප්‍රතිචාර දැක්වූ ඒ මහතා සඳහන් කළේ පාරක් ඉදි කරනුයේ දීර්ඝ කාලයක් පැවතීමට බවත් එම පාර ඉදිකිරීමේ දී පාලම් හා බෝක්කු ආදිය වෙනුවෙන් ද මුදල් වෙන් කරන බවත් ය. මේ වසරේ දී මාර්ග කාපට් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 6000කට වැඩි මුදලක් රජය වෙන් කර තිබෙන බව සඳහන් කළ නියෝජ්‍ය ඇමැතිවරයා ;සසු අංශවල ද වේගවත් සංවර්ධනයක් අපේකෂාවෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව පැවසීය.
http://www.dinamina.lk/2011/12/10/_art.asp?fn=n1112104
No comments:
Post a Comment