ඒමන්ති මාරඹේ
දිවයිනේ රජයේ රෝහල්වල ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 85 දෙනෙකුගේ උග්‍ර හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙවැනි හිඟයක් පැවැතියදීත් ප්‍රසව හා නාරිවේදය විෂය ක්‍ෂේත්‍රය සිය පශ්චාත් වෛද්‍ය උපාධිය සඳහා තෝරාගත් වෛද්‍යවරුන් 50 ත් 60 ත් අතර සංඛ්‍යාවක් කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය විසින් වාර්ෂිකව විභාගයෙන් අසමත් කරන අතර සමත් කරනුයේ 5 දෙනකු වැනි සුළු සංඛ්‍යාවක් බව එම සංගමය පෙන්වා දෙයි.
මෙසේ ප්‍රසව හා නාරිවේදය තෝරාගත් වෛද්‍යවරුන් වැඩි පිරිසක් අසමත් කිරීම එම ක්‍ෂේත්‍රය සඳහා වෛද්‍යවරුන් යොමුවීම අධෛර්යයට පත් කරන්නක් බැවින් එම තත්ත්වය මඟහැරීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් "දිවයින"ට පැවැසීය.
දැනට විශේෂඥ වෛද්‍යවරුන් ද ඇතුළුව ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍යවරුන් 180 දෙනෙකු රජයේ රෝහල්වල සිටියද එම සංඛ්‍යාව මෙරට ජනගහනයට සාපේක්‍ෂව ප්‍රමාණවත් නොවන බව එම ප්‍රකාශකයා කීවේය.
මේ සම්බන්ධව විමසූ විටදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරිවරයකු කියා සිටියේ වාර්ෂිකව කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය විසින් ප්‍රසව හා නාරිවේදය තෝරාගත් වෛද්‍යවරුන් වැඩි පිරිසක් විභාගයෙන් අසමත් කරන බව සත්‍යයක් බවත් සමත් කරන පිරිස වැඩි කරන ලෙසට එම ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බවත්ය.
http://www.divaina.com/2011/12/14/news09.html
No comments:
Post a Comment