මඩුල්ල - කේ. එම්. පී. බණ්ඩාර
වැලි බලපත්රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මහකළුගොල්ල නාමළුව හැඩඔය රක්ෂිතයේ බැකෝවකින් වැලි ගොඩ දමමින් සිටි 9 දෙනකු සමඟ එම බැකෝවද පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් විසින් පෙරේදා (04 දා) රාත්රී අත්අඩංගුවට ගන්නා ලදී. මේ සමඟ නීති විරෝධී ලෙස හැඩඔය රක්ෂිතයෙන් ගොඩදමන ලද වැලි කියුබ් තිහක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවෝ අම්බලන්තොට ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකරුවන් සමඟ ඩෝසරය සියඹලාණ්ඩුව පොලිසියට භාරදී ඇත. සැකකරුවන් ඊයේ (05 දා) මොණරාගල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අම්පාර දිස්ත්රික් අණදෙන නිලධාරී පොලිස් අධිකාරී කරුණාරත්න හා සහකාර පොලිස් අධිකරි විදුර දිසානායක මහත්වරුන්ගේ උපදෙස් පරිදි ලාහුගල 10 කණුව කඳවුරේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. වී. එල්. විඡේරත්න, අරුගම්බේ කඳවුරේ උපපොලිස් පරික්ෂක රුවන් සෝමරත්න යන මහත්වරු ඇතුළු කණ්ඩායම වැටලීම සිදුකළහ.
http://www.divaina.com/2011/12/06/news14.html
No comments:
Post a Comment