Monday, December 5, 2011

නගර සහ ග්‍රාම නිර්මාණ පනත් කෙටුම්පත පළාත් සභාවලට යොමුකර අනුමැතිය ගත යුතුයි

ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායක කියයි

දුමින්ද ගුරුගේ සහ සුභාෂිණී සේනානායක

නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනත් කෙටුම්පත පළාත් සභාවලට යොමු කොට අනුමැතිය ලබා ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා පෙරේදා (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 50(2)(ඇ) යටතේ පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 123 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පනත් කෙටුම්පත පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණකට සම්බන්ධ බැවින් අතිගරු ජනාධිපතිතුමා විසින් 154(උ)(3) ව්‍යවස්ථාවෙන් දක්වා ඇති පරිදි සෑම පළාත් සභාවකටම යොමු නොකළහොත් එය නීතියක් බවට පත් නොවන බව අධිකරණය තීරණය කර ඇත.

තවද, පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(උ)(3) ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල නොවන පරිදි පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කොට ඇති බැවින්, අධිකරණය මේ අවස්ථාවේ දී කලින් ඉදිරිපත් කර ඇති සෙසු නෛතික තර්කයන් පිළිබඳව තීරණයක් ලබා නොදෙන බව දන්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යයි මම නියෝග කරමි.


http://www.dinamina.lk/2011/12/05/_art.asp?fn=p1112059

No comments:

Post a Comment