හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ආශි‍්‍රතව කර්මාන්ත ශාලා 4ක වැඩ ආරම්භ කිරීම ඊයේ (4) සිදු කෙරිණි.
ඇමරිකානු ඩොලර් මිලියන 6773ක වියදමින් මේ කර්මාන්ත ශාලා ඉදිකෙරේ. සීනි, පොහොර, සිමෙන්ති සහ රසායනික කර්මාන්ත ශාලා 04ක් ඉදිකෙරෙන අතර මේ මගින් ඍජු රැකියා අවස්ථා 885ක් උදාකෙරේ.
ආයෝජකයින් 17 දෙනෙකු ආයෝජනය කිරීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇති අතර තාක්ෂණික හා මුල්‍ය ඇගයීම් අනුව ශ්‍රී රේණුකා සුගර් සමාගම, හේලීස් සමාගම, කට්ටා සිමෙන්ති (පකිස්තාන) සමාගම සහ පාර්ක් එනර්ජි පුද්ගලික සමාගම සඳහා පළමු අදියර යටතේ අනුමැතිය ලබා දී තිබේ.
කඩිනමින් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත මේ සමාගම් හතරෙහි ඉදිකිරීම් කටයුතු වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (04) පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය පරිශ්‍රයේ දී සිදුකෙරිණි.
http://www.dinamina.lk/2011/12/05/_art.asp?fn=n1112055
No comments:
Post a Comment