Tuesday, December 13, 2011

මුද්‍රණ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්

ගතවූ වසර අටක කාලය තුළ අධික පාඩු ලබමින් පවත්වාගෙන ගිය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වර්ෂයේ රුපියල් මිලියන 1,150ක වාර්තාගත ආදායමක් උපයා ගෙන තිබේ.

පසුගිය වසරේ රුපියල් මිලියන 965ක ආදායමක් උපදවා ගෙන ඇති සංස්ථාව, ඉන් රුපියල් මිලියන 92ක ලාභයක් උපයාගෙන ඇත. මේ වසරේ එම ආදායම රුපියල් මිලියන 1,150ක වර්ධනයක් යටතේ රුපියල් මිලියන 132ක ලාභයක් අපේක්ෂිත ය.

සංස්ථාව ආරම්භයේ සිට මේ දක්වා වූ වසර 42ක කාල පරාසයක් තුළ වඩාත්ම ලාභදායී ආදායම් වාර්තාවක් පිහිටුවීමට වත්මන් සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ඇතුළු කළමනාකාරිත්වය දැරූ ප්‍රයත්නයන් සපුරා සාර්ථක වීම මීට හේතු වී තිබේ.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මාර්ගෝපදේශකත්වය යටතේ මේ සංස්ථාව මේ වන විට පුළුල් ඉදිරි වැඩ පිළිවෙළක් අනුව ක්‍රියාත්මක වේ.


http://www.dinamina.lk/2011/12/13/_art.asp?fn=n11121311

No comments:

Post a Comment