වාහන එක්ලක්ෂ දසදහසක් ගමන් කරයි
අධිවේගී පාරේ ආදායම රු. මිලියන 30 ත් පනී
ප්‍රියදර්ශන ලියනගේ
නොවැම්බර් මස 27 වැනි දින ජනතා අයිතියට පත් කළ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඔස්සේ ඊයේ (12) වැනි දින සවස වන විට රථවාහන එක්ලක්ෂ දස දහසක් ගමන් කර තිබූ බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා "දිවයින"ට ඊයේ (12) පැවැසීය.
වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙන් මේ වන විට රුපියල් මිලියන තිහකට අධික වාර්තාගත ආදායමක් රජය උපයාගෙන තිබෙනවා. රථවාහන අනතුරු සිදුවී තිබෙන්නේ 13 ක් පමණයි. එයින් 11 ක් ම සාමාන්‍ය අනතුරු බරපතල අනතුරු ලෙස වාර්තා වී තිබෙන්නේ දෙකක් පමණයි.
වාහනයක් අනතුරකට ලක්වූ පසු නතර කිරීම සඳහා වෙන්කර ඇති මංතීරුවේ 27 වැනිදා සිට මේ දක්වා වාහන 450 ක් නතර කර තිබෙනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුවී තිබෙන්නේ එම වාහනවල ඇති වුණ කාර්මික දොaෂයි. අධිවේගී මාර්ගයේ රථ වාහන ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 100 යි. නමුත් අධිවේගී මාර්ගයට ඇතුළු වන ඇතැම් රියෑදුරන් හිතාගෙන ඉන්නේ උපරිම වේගය අවම වේගය ලෙසයි. එම නිසා රජය විසින් ලබාදී ඇති උපදෙස් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහන හිමියන් පිළිපැදිය යුතු යෑයි ද වැඩි දුරටත් පැවැසීය.
http://www.divaina.com/2011/12/13/news16.html
දක්ෂිණ අධිවේගී මඟ නීති කඩකළ 141කට නඩු
චන්ද්‍රිකා පෙරේරා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාර්ග නීති කඩකිරීම සම්බන්ධයෙන් රියදුරන්ට විරුද්ධව ඊයේ (12) වනවිට නඩු 141ක් පොලිසිය මගින් පවරා තිබේ.
වම් පසින් රිය නොපැදවීම සම්බන්ධයෙන් නඩු වැඩි ප්‍රමාණයක් පවරා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
අධික වේගයෙන් ගමන් කිරීම සම්බන්ධයෙන් පෙරේදා (11) පමණක් නඩු 11ක් ලබාගෙන තිබිණි. එම මාර්ගයේ වේගයෙන් ගමන් කිරීම නිසා පෙරේදා රිය අනතුරු හතරක් ද සිදුවී තිබේ. වැසි දිනයන් හිදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේගය පාලනයකින් තොරව රථ ධාවනය කිරීමෙන් අනතුරු බහුල විය හැකි බවට ද පොලිසිය අනතුරු අඟවයි.
එම මාර්ගයේ රථ ගමනා ගමනයේ දී අනිවාර්යයෙන්ම වම් තීරුවේ ගමන් කළයුතු බවට අවධාරණය කෙරේ. වාහන ගමන් කිරීමේදී වාහන දෙකක සම්මත පරතරය අවමය හෝ පවත්වාගෙන යන ලෙසද අජිත් රෝහණ මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ගය විවෘත වූ ඉකුත් 27දා සිට මේ දක්වා කාලයේදී එහි රිය අනතුරු 14ක් වාර්තා වී තිබෙන අතර මේ සියල්ල අධික වේගය නිසා ලිස්සායාම බවද හෙතෙම පෙන්වා දෙයි.
ලොව අති නවීන වේග මාපකය වන ලේසර් මාපකය යොදාගනිමින් අධිවේගී මාර්ගයේ මාර්ග නීති කඩකරන්නන් හඳුනා ගැනේ. එමගින් වාහන අංක, රථය, රියැදුරා හා සිදුකරන වරද හඳුනා ගැනීමට හැකි බව පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති කඩකර කිසිවෙකුටත් සැඟවී යන්නට නොහැකි බව ද හෙතෙම සඳහන් කරයි.
http://www.dinamina.lk/2011/12/13/_art.asp?fn=n1112139
No comments:
Post a Comment