ප්‍රියදර්ශන ලියනගේ
තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මුද්දර කාර්යාංශයේ අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් කිසිදු විධිමත් සැලසුමකින් තොරව ශ්‍රී ලංකාවේ දක්නට නැති චීනයේ පිපෙන පියෝති මල නමින් තැපැල් මුද්දරයක් මුද්‍රණය කිරිම සඳහා වැක් රාජක් නම් ආයතනයට පැවරීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන එකයි දශම අටක එනම් රුපියල් ලක්ෂ දහ අටක (18) මුදලක් අහිමි වීමේ අවදානමක් මතුවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මුද්දරය මුද්‍රණය කිරීමේ කටයුතු වැක් රාජක් නම් ආයතනයට පැවරීමේදී තැපැල් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තැපැල්පතිවරයාට සහ මුද්දර කාර්යාංශයේ නිලධාරීන්ට ලබාදී තිබූ උපදෙස් ඔවුන් විසින් නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබේ.
පියෝති මල නම් තැපැල් මුද්දරය මුද්‍රණය කළ වැක් රාජක් ආයතනය ඒ සඳහා ඇමරිකන් ඩොලර් 7500 ක මුදලක් සහ සමරු පත්‍රිකා දස දහසක් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ගිවිස ගෙන තිබිණි.
මෙයින් ඇමරිකන් ඩොලර් 7500 ක මුදල තැපැල් දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ අතර සමරු පත්‍රිකා දස දහසද තැපැල් මගින් ශ්‍රී ලංකාවට එවා තිබුණි. නමුත් මෙම මුද්දර තොගය තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ නිලධාරීන් විසින් මාස තුනකට අධික කාලයක් නිශ්කාෂණය නොකර තබා ගෙන ඇත. මේ නිසා තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 18 ක පමණ මුදලක් අහිමි වීමේ අනතුරක් මතුවී ඇත.
http://www.divaina.com/2011/12/13/news19.html
No comments:
Post a Comment