ශිරාන් රණසිංහ
ලංකා ධීවර සංස්ථාව 2009 වසරේදී රුපියල් මිලියන 103.8 ක අලාභය ලබා තිබුණද මේ වන විට නව කළමනාකාරිත්වය යටතේ සංස්ථාව ලබන අලාභය රුපියල් මිලියන 13 දක්වා අඩුකර ගැනීමට සමත් වී ඇතැයි ලංකා ධීවර සංස්ථා සභාපති මහීල් පී. සේනාරත්න මහතා "දිවයින" ට පැවසීය.
නාස්තිය, දූෂණය වළක්වා ගනිමින් මත්ස්‍ය අලෙවිසල් ප්‍රමාණය 51 සිට 102 දක්වා වැඩි කරමින් අලුත් ක්‍රම හරහා සංස්ථාව ලබන අලාභය විශාල ලෙස ගෙවී ගිය වසර දෙකේදී අඩු කළ බව ද සභාපතිවරයා කීවේය.
ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත 2013 වන විට රට පුරාම ධීවර සංස්ථා මත්ස්‍ය අලෙවිසල් 250 ක් ස්ථාපිත කිරීමට නියමිතව ඇතැයි ද සභාපතිවරයා පැවසීය.
ලංකා ධීවර සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ රුවන් ලංකේෂ්වර, නියෝජ්‍ය සභාපති ඩී. ඡේ. යූ. පුරසිංහ යන මහත්වරු මෙන්ම සියලුම සේවකයන් ආයතනය ලබන අලාභය අවම කරමින් මෙරට ධීවර කර්මාන්තය නඟාසිටුවීමට ගන්නා වෙහෙසේ ප්‍රතිඵලයක් ලෙස මෙම දියුණුව සඳහන් කළ හැකි බව ද සභාපතිවරයා කීවේය.
අලෙවි ජාලය නිසා දිස්ත්‍රික්ක විසිඑකක තරුණ තරුණියන් 531 දෙනකුට නව රැකියා අවස්ථා ලබාදීමට හැකියාව ලැබී ඇතැයි ද ඔවුහු පවසති.
http://www.divaina.com/2011/12/14/news07.html
No comments:
Post a Comment