Thursday, December 15, 2011

විදුලි කප්පාදුවක්‌ හෝ අය ක්‍රමයේ වැඩිවීමක්‌ සිදුවන්නේ නෑ

- ඇමැති පාඨලී චම්පික
ඒකක සහනය දිගටම

තුෂාරී කළුබෝවිල

මහජනතාව මූලික කරගත් කිසිදු ආකාරයක විදුලිය කප්පාදු කිරීමක්‌ හෝ අය ක්‍රමයේ වැඩිවීමක්‌ සඳහා ඇමැති මණ්‌ඩල අනුමැතියක්‌ වෙනුවෙන් පත්‍රිකා ඉදිරිපත් කර නැතැයි විදුලි බල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා "දිවයින" ට පැවසීය.

දැනට පවතින ප්‍රතිපත්ති මාර්ගෝපදේශයට අනුව ගෘහස්‌ත පාරිභෝගිකයින් සඳහා වන සහනාධාර අය ක්‍රමය කිලෝවොට්‌ පැය 30 ක මාසික ගෘහස්‌ත පාරිභෝජනයක්‌ දක්‌වා සීමා කරන බවත්, සැපයුම් පිරිවැයෙන් 50% ක්‌ ලෙස ඇස්‌තමේන්තු කර ඇති සහනාධාර සාධකය රජයේ අරමුදල් යොදා ගනිමින් පූර්ණ වශයෙන් මූල්‍ය සම්පාදනය කරනු ලබන බවත් ඇමතිවරයා කීවේය.

පොදු මහජනතාවගේ විදුලි බල ගාස්‌තු අඩු කිරීමත් රජයේ ආගමික හා පුන්‍යයාතන සඳහා බලශක්‌ති කාර්යක්‍ෂමව පරිභෝජනය කිරීමට දිරි ගැන්වීමත් සම්ප්‍රේෂණ, බෙදාහැරීම හා පාරිභෝගික ගිණුම් සඳහා අයපත් ගත කිරීම සඳහා වු ඇතැම් වියදම් සඳහා ස්‌ථාවර ගාස්‌තුවක්‌ අයකිරීමත් ප්‍රතිපත්ති මාර්ගෝපදේශයේ ඇතුළත් ප්‍රධාන කරුණු බව ද හෙතෙම පැවසීය.

විදුලි ඒකක සහනය අඩු කිරීමට සූදානමක්‌ පවතින බවට විවිධ මත පැතිරීම ජනතාව මුළා කිරීමක්‌ යෑයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.


http://www.divaina.com/2011/12/15/news15.html

No comments:

Post a Comment