Thursday, December 15, 2011

කසළ ඉවත් කරන්න වසරකට රු: දසලක්ෂ 20ක්

මහරගම විශේෂ වේහැල්ලේ පියතිලක

කසළ ඉවත් කිරීම සඳහා මහරගම නගර සභාව වසරකට රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් බර්න්ස් ආයතනයට ගෙවනු ලබයි.

කසළ වර්ග නොකර නාවින්න කසළ බහාලනයේ ගොඩ ගැසීම නිසාත් එම කසළ කන්ද බර්නස් ආයතනය ගෙන යෑම නිසාත් මේ මුදල වැය කිරීමට සිදු වී ඇත. කසළ නිවෙස්වල දීම වර්ග කර නගර සභාවට භාර දෙන්නේ නම් වර්ග කළ කසළ බාර්න්ස් ආයතනය ඒවා බැහැර කිරීමේ දී නගර සභාවට මුදලක් ගෙවා ලබා ගැනීමට සූදානම් විය.

නගර සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මියගේ අදහසක් අනුව පරිසර අධිකාරියේ ද සහාය ඇතිව කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ සහ ජීවවායු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි.

එහි ප්‍රථම පියවරක් ලෙස නියාමක වැඩ සටහනක් පතිරගොඩ ග්‍රාම නිලධාරී වසමෙන් ආරම්භ කෙරේ.


http://www.dinamina.lk/2011/12/15/_art.asp?fn=r1112151

No comments:

Post a Comment