Thursday, December 15, 2011

ගෝවින්න-දේවමුල්ල සිට කළුගඟ හරහා කළුතරට සංචාරක බෝට්ටු සේවාවක්

හොරණ සමූහ බන්ධුල ආර්. ගුලවත්ත


(ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ සහ මතුගම හිටපු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ දයා ටී. පැස්කුවල් මහත්වරු මෝටර් බෝට්ටුව ඇතුළේ පහන් දැල්වූ අයුරු. බෝට්ටුවේ නිමැවුම්කරු කරුණාතිලක මහතා ද මෙහි වෙයි. ඡායාරූප - හොරණ සමූහ)

ගෝවින්න-දේවමුල්ල සිට කළු ගඟ හරහා කළුතර දක්වා මගී හා සංචාරක බෝට්ටු සේවය දෙසැම්බර් 01 වැනි දින ආරම්භ කෙරිණි.

මේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ, වයෝවෘද්ධතම දේශපාලනඥයෙකු මෙන්ම ජනතා හිතවාදී හිටපු මතුගම මන්ත්‍රී දයා ටී. පැස්කුවල් ප්‍රධාන විශාල පිරිසක් සහභාගී වූහ. මේ බෝට්ටු සංචාරය පිළිබඳව බෝට්ටුව නිර්මාණය කළ කරුණාතිලක මහතා මෙසේ පැවසීය.

“අපේ තාත්තා, ආතා හොඳ පිහිණුම් ශිල්පියෝ ඒ වගේම බෝට්ටු නිෂ්පාදකයෝ මේ ආභාසය නිසා මටත් කල්පනා වුණා බෝට්ටුවක් හදන්න. ඒ මීට වසර පහකට පෙර. මේ බෝට්ටුවේ ගමන් බිමන් ගැන ගාස්තු ගැන තවම ස්ථිර නිගමනයකට පැමිණ නෑ. මදුරාවල ශ්‍රී සුමංගලාරාමාධිපති හාතියල්වල චන්ද්‍රානන්ද හිමිපාණන්ගෙන් මේ ගැන තොරතුරු දැන ගත්තා. එදා පටන් මේ කාර්යය, කළයුතුම යැයි මම තීරණය කළා.

මට මෙහි බර පැණ සඳහා ජාතික විද්‍යා පදනමෙන් මිලියන එකක් වටිනා අමු ද්‍රව්‍ය ලැබුණා. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලබා දුන්නා. බැසිල් රාජපක්ෂ ඇමැතිතුමාගේ කළුතර දිස්ත්‍රික් උපදේශක කේ. ඩී. එන්. කේ. සිරිවර්ධන මහතා පූර්ණ සහයෝගයත් ලබා දුන්නා.

දැනට ධාවනය කරන්න පු‍්‍රළුවන් ගමන් වාර එකයි. මගීන් 50-60 ගණනකට ගමන් කරන්න පුළුවන්. විශේෂයෙන් මේ බෝට්ටුව නිර්මාණය කළේ මදුරාවල අම්පිටිගල සංචාරක පුරවරයට පැමිණෙන විදේශිකයන් සඳහා තවත් මගී බෝට්ටුවක් නිර්මාණය වෙමින් පවතිනවා.

http://www.dinamina.lk/2011/12/15/_art.asp?fn=r1112155

No comments:

Post a Comment