දඹුල්ලෙන් එකක්වත් නෑ
ප්‍රභාත් විතාන
පිටකොටුව මැනිං වෙළෙඳපොළට ඊයේ (15 වැනිදා) එළවළු රැගත් ලොරි 30 ක් පැමිණි බව වාර්තාවේ. සාමාන්‍යයෙන් ලොරි රථ 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් දිනකට එළවළු රැගෙන මැනිං වෙළෙඳපොළට පැමිණෙන නමුත් පසුගිය දින දෙක තුළ මැනිං වෙළෙඳුන් වෙළෙ¹මෙන් ඉවත්වීම නිසා එළවළු ලොරි පැමිණියේ නැත.
අද (16 වැනිදා) වන විට මෙය යථා තත්ත්වයට පත් වෙන බවත් ඒ අනුව අද සිට මැනිං වෙළෙඳපොළෙන් එළවළු සැපයීම සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවත් මැනිං වෙළෙඳ ඳපොළ සාමාජිකයෙක් පැවසීය.
ඊයේ (15 වැනිදා) දඹුල්ලෙන් කිසිදු එළවළු ලොරියක් මැනිං වෙළෙඳපොළට නොපැමිණි බවත්, නුවරඑළිය, වැලිමඩ, බලංගොඩ, තිස්ස, කතරගම, ඇඹිලිපිටිය ප්‍රදේශවලින් එළවළු ලොරි පැමිණි බවත් එම සාමාජිකයා කියා සිටියේය.
එළවළු හා පලතුරු ප්‍රවාහනයේදී කූඩ භාවිත කිරීම අනිවාර්ය කිරීමේ රජයේ නීතියට විරෝධය පා මැනිං වෙළෙඳුන් වෙළෙ¹මෙන් ඉවත්වී උද්ඝෝෂණ ව්‍යාපාරයවල නිරතවීම නිසා පසුගිය තෙදින පුරා එළවළු ලොරි මැනිං වෙළෙඳපොළට නොපැමිණීමෙන් දිවයින පුරා විශාල එළවළු හිඟයක් හා ඒවායේ මිල ඉහළ යැමක් සිදුවිය.
මේ නිසා ඊයේ (15 වැනිදා) ද මැනිං වෙළෙඳපොළේ එළවළු තොග මිල ඉහළ ගොස් තිබිණි. කැරට්, ගෝවා, පිපිඤ්ඤා, වම්බටු, බෝංචි, දඹල, ලීක්ස්, බීට්, මෑකරල්, අමු මිරිස් කිලෝවක් පිළිවෙළින් රුපියල් 220, 100, 70, 80, 250, 150, 200, 150, 100, 500 ආදී මිල ගණන්වලට අලෙවි වූ බවත් එළවළු ලොරි නියමිත පරිදි පැමිණීමෙන් පසු මෙම මිල පහළ යනු ඇති බවත් එම සාමාජිකයා වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2011/12/16/news08.html
එළවළු ප්‍රවාහන ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් නැහැ
- ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල
ධනුෂ්ක ගොඩකුඹුර සහ නුවන් කොඩිකාර
එළවළු හා පලතුරු ප්ලාස්ටික් කූඩවල අසුරා ප්‍රවාහනය කළ යුතු බවට රජය එළඹුණු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැතැයි ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
එහෙත් ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ප්‍රායෝගික ගැටලු සඳහා අවශ්‍ය පියවරයන් ගැනීමට කටයුතු යොදා ඇති බව හෙතෙම කීවේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය. ප්ලාස්ටික් ඇසුරුම්වල අසුරා ඇතැම් එළවළු ප්‍රවාහනය කිරීමේදී අපහසු බව වෙළෙඳුන් පෙන්වා දී ඇති බවත්, එම එළවළු ප්ලාස්ටික් ඇසුරුම්වල බහා ප්‍රවාහනය කිරීමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවත් රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
යම් තීන්දු තීරණයක් හෝ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී සියයට සියයක් අංග සම්පූර්ණ නොවන බව පවසන ඇමැතිවරයා ලෝකයේ කිසිදු තැනක එලෙස අංග සම්පූර්ණ වූ කිසිවක් සිදුවී නොමැති බව කැබිනට් ප්‍රකාශකවරයා කීවේය.
විෂය භාර ඇමැතිවරයා යම් තීරණයක් ගෙන එය ක්‍රියාත්මක කළ විට එම තීන්දුව සමඟ ඇමැති මණ්ඩලය ද සාමුහිකව බැෙඳන බව ඒ මහතා පැවැසීය. ලෝකයේ දියුණු රටවල් සහ ආසියාවේ ඇතැම් රටවල් මේ වන විටත්, මෙම ක්‍රමවේදයන් භාවිතා කරන බව පවසන හෙතෙම එළවළු සහ පලතුරු අපතේ යෑම අවම කර ගත හැකි බව අවධාරණය කළේය. මේ අවස්ථාවට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ජාතික සංවර්ධනය පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ආරිය රූබසිංහ මහත්වරුන් ද සහභාගි වී සිටියහ.
http://www.dinamina.lk/2011/12/16/_art.asp?fn=p1112162
එළවළු මිල ඉහළට - උද්ඝෝෂණ දිනවල සිදුවූ පාඩුව පාරිභෝගිකයන්ගෙන් අය කර ගනිති
විජයානි එදිරිසිංහ
එළවළු කූඩ වැඩ පිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කළ ව්‍යාපාරිකයන් විසින් දින කිහිපයක් තුළ ඔවුන්ම සිදු කර ගත් පාඩුව පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට එළවළු මිල වැඩි කර ඇති බවට තොරතුරු ලැබී තිබෙ.
කොළඹට එළවළු පලතුරු තොග එවන දඹුල්ල, තඹුත්තේගම, පුත්තලම, ඇතුළු ප්‍රදේශවලින් විමසූ විට හෙළිවූයේ ඊයේ එළවුළු මිල ඉහළ තත්ත්වයක පැවැති බවයි. එහෙත් එම ස්ථානවල එළවුළු සපයන ගොවීන්ගෙන් ඒවා මිලදී ගෙන තිබුණේ අඩු මිලකටය.ආර්ථික මධ්‍යස්ථානවල එළවුළු පලතුරු ප්‍රවාහනය ගෝණි සහ කූඩ යන දෙවර්ගයෙන්ම සිදු විය. කූඩ භාවිතයට කිසිවකුත් විරුද්ධත්වය ප්‍රකාශ කර නොතිබුණි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත නුවරඑළියෙන් ගෙන එනු ලැබූ එළවුළු ලොරි 12 ක්ම කූඩවලින් සමන්විත ඒවා විය.
එහි කළමනාකරු ජූඩ් රණසිංහ මහතා ප්‍රකාශ කළේ කූඩවල ඇසුරූ එළවුළු තැළී පොඩිවී නොමැතිව නැවුම්ව තිබූ බවයි. වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද ඊට දැඩි කැමැත්තක් දක්වන බවද ඔහු කීය.
දඹුල්ල, තඹුත්තේගම, මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන පිටකොටුව මැනිං වෙළෙඳපොළ ඇතුළු තොග වෙළෙඳ ආයතනවල මිල ඉතා ඉහළ තත්ත්වයක් පැවැ තිණි.
http://www.dinamina.lk/2011/12/16/_art.asp?fn=n1112164
Only selected veggies in plastic crates
Nadira GUNATILLEKE
“The government has taken a policy decision to transport selected vegetables in plastic crates and there will be no change in this decision. The implementation has been postponed by one month and will be done with certain changes. President Mahinda Rajapaksa intervened within 24 hours and solved all matters related to the implementation of this policy”, Cabinet Spokesman and Minister Keheliya Rambukwella said.
Addressing the weekly Cabinet press briefing held at the Government Information Department Auditorium yesterday,
Minister Rambukwella said that President Mahinda Rajapaksa held a serious discussion with all relevant parties and came to an agreement on Wednesday in connection with the modalities. Accordingly certain items are to be exempted from the list of fruits and vegetables that should be transported using plastic crates.
Minister Rambukwella pointed out that according to the changes it is not essential to transport certain vegetables, such as, carrots using plastic crates. The details will be made clearer during next month. Many countries, including Thailand, Malaysia and Vietnam, are implementing the same policy. Sometime back, the idea of introducing the same method to Sri Lanka came through Minister Bandula Gunawardena for the first time.
“There is no permanent policy for everything in the world. There is no country in the world without shortcomings and mistakes. The most important thing is to intervene when problems arise and solve them promptly. Speaker Chamal Rajapaksa is not in the Cabinet.
“Therefore there was no way of obtaining his views when formulating the system of implementation of the policy on transporting vegetables. But now the views of all have been considered and a better system is to be introduced, Minister Rambukwella added.
http://www.dailynews.lk/2011/12/16/news03.asp
The Manning Market in Pettah, the hub of Colombo’s ...

The Manning Market in Pettah, the hub of Colombo’s Vegetable and Fruit trade, is seen getting back to Normal after the Government once again eased the law pertaining to the transport of perishable items in plastic crates for another month.
(Pic by Sujatha Jayaratne)
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=41297
No comments:
Post a Comment