
උහන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ උදයපුර විහාරස්‌ථානය පිටුපස ගෙවත්තක විදුලිසර වැදී අලි දෙදෙනකු ඊයේ (06 දා) මියගොස් ඇත.
මියගොස් ඇති අලි දෙදෙනා වයස අවුරුදු 35 පමණ වයසේ පසුවන පිරිමි සතුන් බව අම්පාර අලි පාලන ඒකකයේ නිලධාරීහු පවසති.
ගම්වැසියන්ගේ නිවාස හා වගාවන් ආරක්‌ෂා කර ගැනීම සඳහා වල් අලි පැමිණීම වළක්‌වා ගැනීමට විදුලි බුබුළු දල්වා තිබී ඇති අතර එම විදුලි සර වැදීමෙන් මෙම අලි මියගොස් ඇතැයි විශ්වාස කරන බව වනජීවී නිලධාරීහු කියති.
අම්පාර අලි පාලන ඒකකයේ අඩවි ආරක්‌ෂක, අම්පාර වනජීවී කාර්යාලයේ අඩවි සහකාර ජේ. එම්. පියසේන, නියාමක අත්තනායක, අඩවි සහකාර ප්‍රියරත්න, සිවිල් ආරක්‌ෂක ප්‍රියරත්න, මධ්‍යම කඳවුර පොලිස් ස්‌ථානාධිපති පො.ප. රෙහෙණ මුණසිංහ මහතා ඇතුළු නිලධාරීහු පරීක්‌ෂණ පවත්වති.
http://www.divaina.com/2011/12/07/provin03.html
No comments:
Post a Comment