Friday, December 2, 2011

බාල පෙට්‍රල් පරීක්‍ෂණ යට ගිහින්

ශිරාන් රණසිංහ

බාල පෙට්‍රල් තොග වෙළෙඳපොළට මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්යය නිවාඩු යවා සිටින වැඩබලන අලෙවි කළමනාකාරවරයා පිළිබඳව හා මෙම සිද්ධියට වගකිවයුතු සෙසු අයට එරෙහිව කෙරෙන පරීක්‍ෂණ කටයුතු මේ වනවිට අඩාල වී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්‌ථා ආරංචි මාර්ග පවසයි.

දැනට අනිවාර්යය නිවාඩු ලබා සිටින වැඩබලන අලෙවි කළමනාකරු වෙත අදාළ වැටුප්, වර ප්‍රසාද, දීමනා පෙර පරිදිම සංස්‌ථාව ලබාදෙන බවද එම ආරංචි සඳහන් කරයි.

මෙම බාල පෙට්‍රල් සිද්ධිය පිළිබඳ සොයා බලා ඊට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීමට කමිටුවක්‌ද පත් කළ මුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණ මහ විහිළුවක්‌ ලෙස සංස්‌ථා සේවකයන් සලකන බවද සංස්‌ථා සේවකයෝ පවසති.

කොළඹ වරායට පැමිණෙන ඉන්ධන නෞකාවලින් ලබාගන්නා ඉන්ධන සාම්පල් පරීක්‍ෂා කර, ගොඩබෑමේ අවසරය ලබාදෙන බවත් ඊට පසු වෙළෙඳපොළට මුදාහැරීමට ප්‍රථම යළිත් රසායනාගාර පරීක්‍ෂණයක්‌ කරන බවත් සේවකයෝ පෙන්වා දෙති.

නමුත් බාල පෙට්‍රල් සිද්ධියේ දී කාගේ අනුමැතියකට පෙට්‍රල් තොගය වෙළෙඳපොළට මුදාහැරියේ ද යන්න හා රසායනාගාර අවසන් පරීක්‍ෂණය නොකළේ මන්දැයි කිසිවකු හෙළි කර නැතැයි ද ඔවුහු කියති.

බාල පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 595 ක්‌ වෙළෙඳපොළට මුදාහැරීම බරපතල සිද්ධියක්‌ බැවින් මීට වගකිව යුතු අයට තරාතිරම නොබලා දඬුවම් දෙනතුරු තමුන්a බලා සිටින බවද සේවකයෝ පවසති.


http://www.divaina.com/2011/12/02/news09.html

No comments:

Post a Comment