වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් කරන්නන්ට දැඩි දඬුවම්
ධනුෂ්ක ගොඩකුඹුර
වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සිදු කරන්නන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (02) නියෝග කළේය.
වෙරළ තීරය දූෂණය වන ලෙස අපද්‍රව්‍ය බැහැර කරන්නන්ටත් තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ වෙරළ කලාප කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවකට අරලියගහ මන්දිරයේ දී එක්වෙමිනි.
වෙරළ තීරය තුළ සිදු කරන අනවසර ඉදිකිරීම් සහ ඇතැම් හෝටල් මඟින් වෙරළ තීරයට මහා පරිමාණයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා විශාල පරිසර හානියන් සිදු වන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ මෙහිදී ජනාධිපතිතුමාට පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 24 %ක් ද, ඉඩම් ප්‍රමාණයන් 25 %ක් ද වෙරළ කලාපයට අයත් වේ. ධීවර කර්මාන්තයට 90 %ක් මෙන්ම සංචාරක කර්මාන්තයෙන් 90 %ක් කේන්ද්‍ර ගත වී ඇත්තේ ද වෙරළ කලාපයේ ය.
දිගින් කිලෝමීටර් 1,520 ක් පමණ වන ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් කිලෝමීටර් 267ක වෙරළ සංරක්ෂක බැමි ඉදි කර ඇති අතර, තවත් කිලෝමීටර් 350ක ප්‍රමාණයක් වනජීවී සංරක්ෂක ප්‍රදේශ ලෙස වෙන් කර ඇත. ඉතා සංවේදී පරිසර පද්ධතියක් වන වැලි, මැටි, වැලි කඳූ, කඩොලාන, මෝය සහ කලපු ප්‍රදේශ සඳහා තවත් කිලෝමීටර් 280ක් පමණ දුරක් ද, ධීවර වරාය හා නැංගුරම්පලවල් ලෙස කිලෝමීටර් 14ක් ද වෙන්ව ඇත. ප්‍රධාන ලෙස සංචාරක කටයුතු සිදු කෙරෙන ප්‍රදේශය කිලෝමීටර් 40කි. මේ අනුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉතිරිව ඇත්තේ තවත් කිලෝමීටර් 569 ක් පමණි.
රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී වෙරළ කලාපයේ ඇති සම්පත් හා පරිසර පද්ධතීන් මනාව කළමනාකරණය කිරීම පිළිබඳව මෙන්ම වෙරළ ඛාදනය, වෙරළට පිවිසුම් මාර්ග නොමැති වීම, දේශීය සංචාරකයින්ට විනෝද වීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම යනාදී කරුණු පිළිබඳව ද අවධානය යොමු විය.
වෙරළට පිවිසුම් මාර්ග සැකසීම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් සිදු කිරීමට මෙහිදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එකඟ විය.
ධීවර වරායන් පිළිබඳ සාකච්ඡාවේ දී උතුරේ ධීවර ජනතාව වැඩි වශයෙන් සිටින පේරුදුතුඩුව ධීවර වරායක් ලෙස සංවර්ධනය කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේ ය.
වෙරළාසන්න සංචාරක කර්මාන්තයට සම්බන්ධව සිටින ජනතාව සඳහා ඊට සුදුසු ස්ථානවල ක්‍රමවත් සැලසුමකට අනුව ව්‍යාපාර කරගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
වෙරළ උද්‍යාන ඉදි කිරීම, එහි පටු ප්‍රදේශ සංවර්ධනය සහ වෙරළ තීරය හරිත තීරයක් ලෙස නිර්මාණය කිරීමට අදාළ ව්‍යාපෘති පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී දැනුවත් කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය දයාශ්‍රිත තිසේරා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ පිරිසක් ද එක්ව සිටියහ.
http://www.dinamina.lk/2011/12/03/_art.asp?fn=n1112032
President gets tough with coastline polluters
Athapattu BANDARA
Issues
* Wastage from unauthorized constructions, hotels
* Unauthorized buildings along coastline
President Mahinda Rajapaksa yesterday directed Sri Lanka Coast Conservation Department officials to take legal action against persons polluting the coastline and constructing unauthorized buildings along the coastline.
The President made this observation during a discussion on coastal zone management and development at Temple Trees yesterday.
Coast Conservation Department officials pointed out to President Rajapaksa that the coastline is at a risk of being polluted, due to the exposure to wastage from unauthorized constructions and hotels close to the coastal belt.
They pointed out that 24 percent of Sri Lanka’s population and 25 percent of total lands belong to coastal areas.
They said that important economic activities, including 90 percent of those in the fisheries industry and 90 percent of those in the tourism industry depend on the coastline.
The discussion also focused on proper management of coastline resources and environmental systems.
Sea erosion and lack of access routes to the sea belt and poor facilities for tourists for entertainment were also discussed.
Economic Development Minister Basil Rajapkasa took over the responsibility to create access roads to the coastlines under the purview of the Economic Development Ministry.
President Rajapaksa also discussed fisheries harbours in the country and instructed officials to develop the Peduruthuduwa Fisheries harbour.
He also directed officials to offer facilities and proper places to the business community connected to the tourism industry along the coastline. The officials pointed out to the President the programmes that have been earmarked to construct coastal gardens and to arrange the coastline as a green belt.
Minister Dayashritha Tissera and Defence Secretary Gotabhaya Rajapaksa also participated.
http://www.dailynews.lk/2011/12/03/news25.asp
No comments:
Post a Comment