"විරෝධතා මෙහෙයවන්නේ පොලිතින් ව්‍යාපාරිකයෝ" - ඇමැති ජොන්ස්‌ටන්
කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්
ප්ලාස්‌ටික් කූඩවලට එරෙහි විරෝධතා මෙහෙයවන්නේ පොලිතින් බෑග් කර්මාන්තකරුවන් බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එළවළු සහ පලතුරු ඇසුරුම් කිරීමේ නීතියට එරෙහිව විරෝධය පළ කරන කිසිවකු මෙතෙක් ඒ ගැන සාකච්ඡා කිරීමට ඉල්ලීමක් නොකළ බව කී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඕනෑම පුද්ගලයකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය සූදානම් බවද පැවසුවේය.
ප්ලාස්‌ටික් කූඩවල එළවළු සහ පලතුරු ඇසුරුම් කිරීම සම්බන්ධව පවතින විරෝධතාව පිළිබඳව ආණ්‌ඩුවේ ස්‌ථාවරය විමසමින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (13 දා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇමැති ජෝන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා මෙසේද කීය.
රජය අවුරුදු හයක් තිස්‌සේ කළ සොයා බැලීමක් මත තමයි ප්ලාස්‌ටික් කූඩවල එළවළු හා පලතුරු අනිවාර්යයෙන්ම ප්‍රවාහනය කළ යුතු බවට තීරණය කළේ.
මෙය ඉතා හොඳ වැඩක් බව විපක්‍ෂ නායකතුමාත්, සුනිල් හඳුන්නෙත්ති මහතාත් පිළිඅරන් තිබුණා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ මේ සඳහා කාලය ලබා දෙන්න කියලයි. ඒත් අපි මේ නීතිය පිළිබඳ ගැසට් නිවේදනය කළේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේදී. ඉන්පසු මෙය ක්‍රියාත්මක කිරීම කල් දමන ලෙස ගොවීන් සහ වෙළෙඳුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. මේ අනුව අපි කල් දුන්නා. මේ කූඩවල මිල පිළිබඳ ප්‍රශ්න මතු වුණ නිසා ගොවීන්ට පොළී රහිත ණයක් දුන්නා. මේක රටට හොඳ දෙයක්. එළවළු සහ පලතුරු සියයට පහේ සිට හතළිහ දක්‌වා ප්‍රමාණයක් ප්‍රවාහනයේදී විනාශ වෙනවා.. මේ විනාශයේ පාඩුව දැරිය යුත්තේ ගොවියා..... මේ නීතිය ගොවියාට බලපාන්නේ නැහැ.
http://www.divaina.com/2011/12/15/news05.html
ප්ලාස්‌ටික් කූඩ නීතියට වැඩිපුරම විරුද්ධ වන්නේ ගොවීන් නොව අතරමැදියයි
- ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු
අකිත පෙරේරා
එළවළු සහ පලතුරු ප්‍රවාහනයේදී ප්ලාස්‌ටික් කූඩ භාවිතා කළ යුතු බවට රජය විසින් ගෙන ආ නීතියට වැඩිපුරම විරුද්ධවන්නේ ගොවීන් නොව අතරමැදි පුද්ගලයින් බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා "දිවයින"ට පැවසීය.
ගොවීන් සුරාකන ඇතැම් වෙළෙඳුන්, කප්පම් කරුවන්, කුලී සේවකයින් ඇතුළුව ආර්ථික මධ්‍යස්‌ථානයන්හි වංචාකාරී ක්‍රියාවල නිරතවන පුද්ගලයන් අදාළ නීතියට එරෙහිවී ඇති බවද හෙතෙම කීය.
එළවළු අස්‌වැන්න පාගාදමා පුච්චනු ලබන්නේ මෙවැනි වංචාකාරී පුද්ගලයන් බවත් කිසි දිනෙක ගොවියාට සිය අස්‌වැන්න පාගා පිච්චීමට නොහැකි බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2011/12/15/news17.html
No comments:
Post a Comment