Thursday, December 15, 2011

Plastic crates mandatory for veggies, fruits - Government response (3 items)

ප්ලාස්ටික් කූඩවලට මාසයක සහන කාලයක්

ගැසට් පත්‍රය සංශෝධනයට
සියලු උද්ඝෝෂණ සම්පූර්ණයෙන් නවතී
රජයට වෙළෙඳුන්ගේ ප්‍රසාදය


විජයානි එදිරිසිංහ

එළවළු හා පලතුරු ප්‍රවාහනයට හුරු වීම සඳහා තවත් මාසයක සහන කාලයක් වෙළෙඳුන්ට ලබා දීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු රජයේ නිලධාරීන් සහ මැනිං වෙළෙඳ පොළේ ව්‍යාපාරික සංගමය අතර ඊයේ (14) පැවැති සාකච්ඡාවේදී මේ සහන කාලය ලබා දී තිබේ. එම සහන කාලය ලබා දීම සම්බන්ධයෙන් ගැසට් පත්‍රය සංශෝධනය කිරීමටද අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

කූඩවල ඇසිරිය යුතු බවට නියම කර තිබෙන එළවළු වර්ග සංශෝධනය කරන ලෙසද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. තවද මේ නීතිය බලපානුයේ එළවළු හා පලතුරු ගොවීනට නොව වෙළෙන්දන්ට බවද මේ විශේෂ සාකච්ඡාවේදී අනාවරණය වී ඇත.

මේ තීන්දුව සම්බන්ධයෙන් වෙළඳ සංගම් රජයට ප්‍රසාදය පළ කර ඇති අතර ප්ලාස්ටික් කූඩවලට එරෙහිව සිදුකරන සියලු උද්ඝෝෂණ නතර කිරීමටද වෙළඳ සංගම් එකඟතාව පළ කර ඇත.


http://www.dinamina.lk/2011/12/15/_art.asp?fn=n1112151


ජනපති, එළවළු සංගම් නියෝජිත හමුවෙන් පසු එළවළු කූඩ නීතියට මාසයක සහන කාලයක්‌

අනුර බාලසූරිය, අකිත පෙරේරා සහ ප්‍රභාත් විතාන

එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමේදී ප්ලාස්‌ටික්‌ ඇසුරුම් අනිවාර්ය කරමින් රජය පැනවූ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක සහන කාලයක්‌ ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14 වැනිදා) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මැනිං වෙළෙඳපොළ සහ ආර්ථික මධ්‍යස්‌ථාන වෙළෙඳ සංගම් නියෝජිත සාකච්ඡාවේදී තීරණය වී ඇත.

ඒ අනුව අද (15 වැනිදා) සිට කොටුව මැනිං වෙළෙඳපොළ සහ දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්‌ථානවල එළවළු සහ පලතුරු වෙළෙ¹ම සාමාන්‍ය පරිදි සිදුකිරීමට එළවළු වෙළෙඳ සංගම් නියෝජිතයන් එකඟතාව පළකර තිබේ.

ප්‍රවාහනයේදී ප්ලාස්‌ටික්‌ ඇසුරුම් භාවිත කළයුතු එළවළු සහ පලතුරු සම්බන්ධව දැනට ලැයිස්‌තුගත කර ඇති ගැසට්‌ නිවේදනයද සංශෝධනය කිරීමට මෙහිදී තීරණය කර ඇත. මේ අනුව බණ්‌ඩක්‌කා, වම්බටු, තලනබටු, බීට්‌ අල, රාබු යන එළවළු වර්ග පහ අදාල නීතියෙන් ඉවත් කිරීමටද බෝංචි සහ මෑකරල් මෙම නීතියට අදාල කර ගන්නේ ද යන්න පිළිබඳව වාර්තාවක්‌ සපයන ලෙස ජනාධිපතිවරයා පසු අස්‌වනු තාක්‍ෂණ ආයතනය වෙත පවරා ඇත. පලතුරු වර්ග සම්බන්ධව වෙනසක්‌ නොවේ.

ප්ලාස්‌ටික්‌ ඇසුරුම් භාවිත කළ යුත්තේ කොළඹට එළවළු ප්‍රවාහනය කිරීමේදී පමණක්‌ බවත් එය ගොවිපොළේ සිට වෙළෙන්දා දක්‌වා ගොවීන් විසින් රැගෙන ඒමේදී බලපාන්නේ නැති බවත් මෙහිදී රජයේ නියෝජිතයන් වෙත දැනුම් දී තිබේ.

නමුත් මේ පිළිබඳව ගොවීන් දැනුවත් කර නැති බව වෙළෙඳ සංගම් නියෝජිතයන් පවසා ඇත.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා සමඟ රජය වෙනුවෙන් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, යෞවන කටයුතු නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර, පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් යන මහත්වරු සහභාගි වී ඇත.

http://www.divaina.com/2011/12/15/news01.html


Traders suspend protest: Government grants month’s grace period

Rasika SOMARATHNA

The government yesterday decided to offer a month’s grace period for traders after considering the issue concerning the compulsory use of plastic crates to transport vegetables and fruits.

Internal Trade and Cooperatives Ministry sources said that following a meeting between the President and traders on the issue of making plastic crates compulsory in transporting fruits and vegetables, it was decided that a relief period of one month will be given.

In response the traders have decided to suspend their protest campaign and engage in their normal day to day businesses. Also after considering the difficulties faced by transporters, authorities have decided to amend the list of fruits and vegetables which have been categorised as compulsory for transportation in plastic crates, a ministry spokesman said.

In addition, contrary to certain speculation the compulsory use of plastic crates does not involve farmers but only traders who transport fruits and vegetables in vehicles over a long distance, he added.

Also the traders on the occasion have agreed to abide by the above decisions.

The Ministry yesterday also urged both traders and farmers not to fall prey to political forces with vested interests who are trying to exploit the issue.

http://www.dailynews.lk/2011/12/15/news03.asp

No comments:

Post a Comment