Friday, December 16, 2011

Southern Expressway - Accidents and Pedestrians (2 items)

වැසි ඇති විට අධිවේගී පාරේ වාහන ධාවනය ප්‍රවේශමෙන්
අනුර බාලසූරිය

වර්ෂාව පවතින අවස්‌ථාවන්හිදී දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්‌ නොවී තමන්ට පාලනය කර ගතහැකි වේගයෙන් රිය පදවන ලෙස පොලිසිය දැනුම් දෙයි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගය විවෘත වීමෙන් පසු සිදුවී ඇති අනතුරුවලින් වැඩි ප්‍රමාණයක්‌ වර්ෂාව පැවැති අවස්‌ථාවේ සිදුවූ අනතුරු බැව්ද පොලිසිය සඳහන් කරයි. එමෙන්ම අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී වාහන දෙකක්‌ අතර පරතරයක්‌ තබාගන්නා ලෙසත්, පැයට කිලෝමීටර් 100 වේගයෙන් ධාවනය කරන්නේ නම් වාහන දෙකක්‌ අතර මීටර් 100 ක පමණ පරතරයක්‌ තබාගන්නා ලෙසද පොලිසිය අවවාද කරයි.

මෙම මාර්ගයේ ඊයේ (15 වැනිදා) වන විට මාර්ග නීති උල්ලංඝනය කළ රියෑදුරන් 158 දෙනකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර ඇති බවද පොලිසිය පැවසීය.

http://www.divaina.com/2011/12/16/news12.html


අධිවේගී මඟේ පදික අනතුරුවලට රියැදුරුට වගකීමක් නෑ

පණ්ඩුක සමරසේකර

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගැනීම හේතුවෙන් පදිකයකුට සිදුවන කිසිදු අනතුරක් සම්බන්ධයෙන් රියැදුරුගේ කිසිදු වගකීමක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

ලෝකයේ සෑම අධිවේගී මාර්ගයකම පදිකයන්ගේ ගමන් කිරීම තහනම් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ද දුම්රිය මාර්ගයන්හි ගමන් ගන්නා පදිකයන්ට එරෙහිව ගන්නා නීතියට සමාන නීතියක් අධිවේගී මාර්ගයේ ද ක්‍රියාත්මක වන බව අජිත් රෝහණ මහතා කියයි.

පසුගියදා අධිවේගී මාර්ගයේ ගමන් ගත් එක් පදිකයකු අත්අඩංගුවට ගෙන නීති ප්‍රකාරව කටයුතු කිරීමට පොලිසිය ක්‍රියා කළේය


http://www.dinamina.lk/2011/12/16/_art.asp?fn=n1112168

No comments:

Post a Comment