ශීලා උඩුවර
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 200කට ආරක්ෂිත ගේට්ටු සවිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනියි.
මේ සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සැලසුම් විජය සමරසිංහ මහතා පැවසීය. මෙයින් අඩක් පමණ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හරස් මාර්ග සඳහා සාදවන බව සමරසිංහ මහතා කීය.
දුම්රිය හරස්මාර්ගවලට ආරක්ෂිත ගේට්ටු සවි කිරීම සඳහා ඉකුත් වසර වෙනුවෙන් රුපියල් මිලියන 1000 ක් රජයෙන් ලබාදුන් අතර එම මුදල් වලින් මෙම ගේට්ටු සවි කරන බව සමරසිංහ මහතා කීය.
අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 900 ක් පමණ තිබෙන බවත් ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභාවලට මේ සඳහා ඉදිරිපත් වියහැකි බවත් ඒ මහතා කීය. දුම්රිය හරස්මාර්ගවල සිදුවූ අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ වාහන රියදුරන්ගේ වැරදි හා නොසැළකිලිමත්කම නිසා බවද සමරසිංහ මහතා කීය.
http://www.dinamina.lk/2012/01/10/_art.asp?fn=n1201105
No comments:
Post a Comment