Tuesday, January 10, 2012

රජයේ සේවකයන්ට උසස්‌වීම් දීමේදී "කාර්යක්‍ෂමතාවට" වැඩි සැලකීමක්‌

අජිත් අලහකෝන්

මින් ඉදිරියට රජයේ සේවකයන්ට උසස්‌වීම් ලබාදීමේදී ඔවුන්ගේ කාර්යක්‍ෂමතාව සැලකිල්ලට ලක්‌ කිරීමට කටයුතු කරන බව ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා "දිවයින" ට කීවේය.

මේ පිළිබඳ යෝජනාව මේ වනවිට කැබිනට්‌ අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇත. අදාළ අමාත්‍ය මණ්‌ඩල සංදේශයට ඉදිරි දිනකදී කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබා ගන්නා බව ද ඇමැති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

දැනට රාජ්‍ය සේවකයන්ට උසස්‌වීම් පිරිනමන්නේ අධීක්‍ෂණ නිලධාරියාගේ රෙකමදාරුව මත බව කී ඇමැතිවරයා ඒ වෙනුවට ඒ ඒ සේවකයාගේ කාර්යක්‍ෂමතාව පිළිබඳ සලකා සේවා උසස්‌වීම් ලබා දීම සුදුසු වනු ඇතැයිද කීය. රජයේ සේවකයන්ගේ කාර්යක්‍ෂමතාව මනින මිනුම් දඬු පිළිබඳව මේ දිනවල අධ්‍යයනය කරමින් සිටී.


http://www.divaina.com/2012/01/10/news13.html

No comments:

Post a Comment