ඇල්පිටිය - කේ. සී. විදානආරච්චි
දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ කොට්‌ටාව සිට බස්‌රියේ පැමිණ කුරුඳුගහ හැතැප්ම පිවිසුම් මාර්ගයෙන් බැස ගිය පුද්ගලයකුට රුපියල් 5000 ක දඩ මුදලක් ගෙවන ලෙසට ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් කේසර සමරදිවාකර මහතා ඊයේ (09 දා) නියෝග කළේය.
මෙසේ දඩ මුදලක් ගෙවීමට නියම වූයේ ඇල්පිටියේ කාරියවසම් පෙදෙසේ පදිංචි ගල්වඩු ආචාරිගේ කල්‍යාණරත්න නමැත්තකුටය.
විවෘත අධිකරණයේදී විත්තිකරුට තරයේ අවවාද කළ මහෙස්‌ත්‍රාත්වරයා 2008 අංක 40 දරන ජාතික මංමාවත් පනතේ අංක 79 (1) සමඟ කියෑවෙන 6 වගන්තිය යටතේ තමුන් කර ඇත්තේ බරපතළ වරදක්. ඒ අනුව රුපියල් 50,000 දක්‌වා උපරිමයකට යටත්ව දඩ නියම කළ හැකියි. මින් මතු මෙවැනි වැරදි නොකරන ලෙසට තරයේ අවවාද කරනවා යෑයි කීය.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ ධම්මික ඉහළවිතාන මහතා පෙනී සිටියේය.
දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ කුරුඳුගහ පිවිසුම් මාර්ගයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගයාජිත් නිශාන්ත, පොලිස් සැරයන් (1345) රණතුංග යන මහත්වරුන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
http://www.divaina.com/2012/01/10/news11.html
No comments:
Post a Comment