ශීලා උඩුවර
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනයට අද (10) සිට තවත් ශ්‍රී ලංගම සුඛෝපභෝගී බස් රථ දෙකක් එක්වේ.
මේ අනුව අද සිට පැය එක එකහමාරකට වරක් ශ්‍රී ලංගම බස් රථය බැගින් ධාවනය කෙරෙන බව ශ්‍රී ලංගම සභාපති එම්. ඩී. බන්දුසේන මහතා පැවසීය.
ජනාධිපතිතුමාගේ උපදෙස් හා අනුමැතිය මත මෙම නව බස් රථ දෙක ධාවනයට එක් වේ. දැනට එම මාර්ගයේ පැය දෙකෙන් දෙකට ශ්‍රී ලංගම බස් රථ ධාවනය කෙරෙන නමුත් අද සිට ධාවනය වන බස් රථ ප්‍රමාණය 4 දක්වා වැඩිවී ඇති නිසා ධාවනය කරන ගමන්වාර ප්‍රමාණයද වැඩිවෙයි.
මීට අමතරව සති අන්තයේ ගමන්වාර ප්‍රමාණය වැඩි කිරීමටත් රාත්‍රි සේවා ඇරඹීමටත් ඉදිරියේදී කටයුතු කරන බව සභාපතිවරයා කීය.
මෙම බස් සේවාවෙන් දිනකට රුපියල් ලක්ෂ දෙකක පමණ ආදායමක් ලැබෙන බව ලංගම පවසයි.
http://www.dinamina.lk/2012/01/10/_art.asp?fn=n12011012
No comments:
Post a Comment