Wednesday, January 11, 2012

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දින 44ක ආදායම කෝටි 100ක්

සුභාෂිණී සේනානායක

දක්‍ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර ගතවූ දින 44 තුළ රුපියල් කෝටි සියයක ආදායමක් උපයා තිබේ. රථ වාහන ගමනාගමනය තුළින් මේ වාර්තාගත ආදායම ලැබී ඇති බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පවසයි. 2011 නොවැම්බර් මස 27 ආරම්භ කළ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන තුන් ලක්‍ෂ හැට අටදහස් හත්සිය විසි අටක් මේ වනවිට ගමන් කර තිබේ. පිවිසුම් මාර්ග ගණන 8 කි.

කොට්ටාව ප්‍රධාන පිවිසුම් මාර්ගයෙන් රථවාහන 125425 ක්, කහතුඩුවෙන් 19641 ක්, ගැලනිගමින් 43508ක්, දොඩන්ගොඩ පිවිසුමෙන් 27833ක් වැලිපැන්න පිවිසුමෙන් 18977 ක් කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් 27010ක් බද්දේගමින් 13016 හා ගාල්ල පින්නදූව පිවිසුමෙන් 93318 ක් වශයෙන් ගතවූ මාසය තුළ වාහන ගමනාගමනය සිදුවී තිබේ.

ගත වූ මාසයේ වැඩිම ආදායම කොට්ටාව පිවිසුම් මාර්ගයෙන් ලැබී ඇති අතර එය රුපියල් 3997100 කි. කහතුඩුවෙන් රුපියල් 3674450ක් ද ගැලනිගමින් 8002350ක් ද දොඩන්ගොඩින් 5114350ක් ද වැලිපැන්නෙන් 4458000ක්, කුරුඳුගහහැතැක්ම 616400 ක් බද්දේගම 4018650 ක් සහ පින්නදූව පිවිසුමෙන් 33577050 ක ආදායමක් උපයා තිබේ. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5000ක් අපේක්‍ෂා කළත් එය අභිබවා යමින් දිනකට වාහන 8100 ක් පමණ ගමන් කරන බවත් අධිවේගී මාර්ගය පිළිබඳව කුහකභාවයෙන් සිදු කළ ප්‍රකාශ මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවත් නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා සඳහන් කරයි.


http://www.dinamina.lk/2012/01/11/_art.asp?fn=n1201119

1 comment:

  1. The use of figures in this news item is wrong.

    It is not 100 crores, but 100 million (10 crores).

    For correct reporting please see the following

    http://www.divaina.com/2012/01/11/news35.html and

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=43060

    ReplyDelete