Thursday, January 12, 2012

දඹුල්ල නගරයේ වැසිකිළි අපජලය ජනතාවට පීඩා ගෙනෙයි

සීගිරිය - සරත් එරමිණිගම්මන

දඹුල්ල ප්‍රධාන බස්‌ රථ නැවතුම් පළේ වැසිකිළි පද්ධතියේ අප ජලය නගරයේ ප්‍රධාන පැති කාණු පද්ධතියට මුදාහැරීම හේතුවෙන් දින තුනක්‌ තිස්‌සේ නගරයට පැමිණෙන දහස්‌ ගණන් ජනතාව මෙන්ම නාගරිකයෝද දැඩි පීඩාවට මුහුණදී සිටිති.

පවතින තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කළත් ඊට කිසිදු පියවරක්‌ ගෙන නොමැති බවට ඔව්හු චෝදනා කරති.

මෙසේ මුදාහැරෙන අප ජලය පැති කාණු පද්ධතිය ඔස්‌සේ මිරිස්‌ ගෝනිය ඔයටත් පසුව කලා වැව දක්‌වාත් ගලා යැම නිසා ඒවායේ ජල පරිහරණය කරන ජනතාවගේ සෞඛ්‍යයටද මහත් තර්ජන එල්ලවීමේ අවදානමක්‌ පවතින බව පරිසරවේදීහු පෙන්වා දෙති.


http://www.divaina.com/2012/01/12/provin01.html

No comments:

Post a Comment