ඇමැති බැසිල් රාජපක්‍ෂ
පවතින ගෙවතු වගා වැඩසටහන පුළුල් කරමින් අක්‌කර දෙකහමාර දක්‌වා වූ ඉඩම්වල එළවළු, පලතුරු, මල් ඇතුළු වගාවන් ඇතිකර රටේ ආර්ථිකය ශක්‌තිමත් කිරීමට 2012 වසරේදී දිවි නැගුම වැඩසටහන යටතේ පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.
පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති දිවි නැගුම වැඩසටහනේ මෙහෙයුම් කමිටු සාකච්ඡාවට එක්‌වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ අමාත්‍යවරයා සඳහන් කළේ 2011 වසර තුළ පවුල් විසිඑක් ලක්‍ෂ තුන් දහසක් දිවි නැගුම වැඩසටහනට සම්බන්ධ බවයි. එය 2012 වසරේදී ගෘහ ඒකක විසිපන් ලක්‌ෂයක් දක්‌වා ව්‍යාප්ත කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
මෙරට වගා කළ හැකි ද්‍රව්‍ය පිටරටින් ආනයනය කිරීම සඳහා විශාල මුදලක් වැයකර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඔහු සඳහන් කළේ වියළි මිරිස් ආනයනය සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් පමණ වැයකර ඇති බවයි.
http://www.divaina.com/2012/01/12/news21.html
No comments:
Post a Comment