ශ්‍යාම් නුවන් ගනේවත්ත, අජිත් අලහකෝන් සහ අකිත පෙරේරා
අධ්‍යයන නිවාඩු ලබා විදෙස්ගත වී අදාළ ගිවිසුම් කඩකරමින් නැවත මෙරටට නොපැමිණි සරසවි හා අධ්‍යයන ආයතනවල වෘත්තිකයින්ගෙන් රු. දශලක්ෂ 242.3 ක පමණ මුදලක් අයවීමට ඇතැයි ඊයේ (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාව මගින් අනාවරණය කර ඇත.
මෙකී නිලධාරීන් තම අධ්‍යයන කටයුතු අවසන් වීමෙන් පසුවත් නැවත සේවයට වාර්තා නොකිරීම අදාළ විශ්වවිද්‍යාල වලට සහ අධ්‍යයන ආයතනවලට බරපතල ගැටළුවක් වී ඇතැයිද කෝප් වාර්තාව සඳහන් කරයි.
මෙසේ අධ්‍යයන නිවාඩු ලබා විදේශ ගත වී අදාළ ගිවිසුම් කඩකරමින් එරට රැඳී සිටින නිලධාරීන්ගෙන් අදාළ සරසවි හා අධ්‍යාපන ආයතනවලට අයවිය යුතු මුදල් ප්‍රමාණයන් මෙසේය( එනම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහා රු. දශලක්ෂ 69 ක්, මොරටුව සරසවිය සඳහා රු. දශලක්ෂ 17 ක්, ජාතික ව්‍යාපාර කළමනාකරන ආයතනය සඳහා රු, දශලක්ෂ 0.3 ක්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සඳහා රු, දශලක්ෂ 40 ක්, හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු ආයතනයට රු. දශලක්ෂ 11 ක් සහ පේරාදෙණිය සරසවිය සඳහා රු. දශලක්ෂ 105 ක් වශයෙනි.
http://www.divaina.com/2011/12/02/news11.html
No comments:
Post a Comment