උදුලා පීරිස්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (01) වන විට මියගිය සංඛ්‍යාව 29 දක්වා වැඩි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ජල ගැලීම් හා දැඩි සුළං තත්ත්වය නිසා පවුල් 16,654ක පුද්ගලයෝ 65,866ක් විපතට පත්ව සිටිති. එසේම තුවාලකරුවන් 29 දෙනකු සහ අතුරුදන්වීම් 16ක් වාර්තා වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
දැඩි සුළං තත්ත්වය නිසා නිවාස 812ක් මුළුමනින්ම විනාශ වී ඇත. අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 8155කි. ආපදාවට පත් වූ පවුල් 426ක පුද්ගලයෝ 1756ක් සරණාගත කඳවුරු 06 ක රඳවාගෙන සිටිති. ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ආදිය ලබාදීම රජය මඟින් සිදුකරන බව කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවැසීය.
http://www.dinamina.lk/2011/12/02/_art.asp?fn=n11120211
No comments:
Post a Comment