ලසිත දුමින්ද
උතුරු ප්‍රදේශයේ රබර් වගා කිරීමට සුදුසු පසක් ඇති බවට රබර් පර්යේෂණ ආයතනය සිදු කළ සමීක්ෂණයකදී හෙළිවී ඇත.
පර්යේෂණ ආයතනයේ විශේෂඥයන් කණ්ඩායමක් වසරක් තිස්සේ උතුරේ සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැකි යෑයි වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවැසීය.
ඒ අනුව වවුනියාව කිළිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල රබර් වගා කළ හැකි බවද හෙතෙම කීවේය.
තිස් වසරක ශාපලත් යුද්ධය නිමාවීමත් සමඟම නැවත පදිංචි කළ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට මෙම රබර් වගාව පිටිවහලක් වන බවද මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
2013 අය-වැයෙන් උතුරේ රබර් වගාව ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සහන ලබා ගැනීමට කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
සාම්ප්‍රදායික ප්‍රදේශවලට පමණක් සීමා වී තිබූ රබර් වගාව මේ වන විට පදියතලාව, මොණරාගල වැනි සාම්ප්‍රදායික නොවන ප්රදේශවලද ව්‍යාප්ත කර ඇති බවද මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය
http://www.divaina.com/2011/12/03/provin02.html
No comments:
Post a Comment