
සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල සාමාන්‍යයෙන් දිස්වන අයුරු....

ඉහළ කොත්මලේ ජලාශයට ජලය පිරෙද්දී

ක්‍රමයෙන් සිඳී ගිය සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය සඳහා කොත්මලේ ඔය හරස්කර ඉදිකළ ජලාශයට මංගල දියවර පිරවීම ඊයේ (15) පෙරවරු 9.30 ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ
ජලාශය සම්පූර්ණයෙන් ජලයෙන් පිරීම සඳහා පැය 20 ක පමණ කාලයක් ගත වන බව ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ෂවේන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා කීය.
වේල්ල හරස් කර ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීමත් සමග සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල ක්‍රමයෙන් සිඳී ගිය අතර පැය 20 කින් පසු එය යථා තත්ත්වයට පත් වන බව ෂවේන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා පවසයි. ජලාශයට ජලය පුරවා දින 20 කට පසු උමං මාර්ගය ඔස්සේ නියංගහදොර විදුලි බලාගාරය වෙත ජලය යොමු කරන බවද ඒ මහතා කීය.
අසේල කුරුළුවංශ
http://www.dinamina.lk/2011/12/16/_art.asp?fn=n1112161
No comments:
Post a Comment