ශ්‍යාම් නුවන් ගනේවත්ත
ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්‍ෂිණ අධිවේගී මාර්ගයට පහසුවෙන් ප්‍රවේශවීම සඳහා, ඊට සම්බන්ධ අනෙකුත් ජාතික මහා මාර්ග, ප්‍රතිසංස්‌කරණය කිරීමට රුපියල් කෝටි 934.7 ක (ඇමරිකානු ඩොලර් මිලියන 85 ක) ආධාර මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර ඇත.
මේ අනුව ප්‍රවේශ මාර්ග 6 ක් පුනරුත්ථාපනය කිරීමට අපේක්‍ෂා කෙරෙන අතර ඒ සඳහා වැයවනු ඇතැයි ඇස්‌තමේන්තු කර ඇති මුළු මුදල රු. කෝටි 1161.3 කි. එනම් ඇමරිකානු ඩොලර් මිලියන 105.6 කි. මෙම ව්‍යාපෘතිය සඳහා වන රජයේ මූල්‍ය දායකත්වය රු. කෝටි 226.5 කි.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයෙන් අපේක්‍ෂිත ප්‍රතිලාභ පූර්ණ වශයෙන් ලබා ගැනීම සඳහා සහ එක් එක් මාර්ග අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට ද මෙම මාර්ග ප්‍රතිසංස්‌කරණ වැඩසටහන ඉවහල් වන බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය කියයි.
වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර වර්ෂ 2016 ජුනි 30 දින වනවිට මෙම ව්‍යාපෘති සම්පූර්ණයෙන් නිම කිරීමට සැලසුම් කර ඇත.
මීට අදාළ ආධාර ගිවිසුමට ඊයේ (15 දා) ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි නේවාසික නියෝජිත රීටා ඕ. සුලිවන් මහත්මිය විසින් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.
http://www.divaina.com/2011/12/17/news15.html
No comments:
Post a Comment