අධිවේගී පාරේ සිරි නරඹමින් සිටි සහකාර කථිකාචාර්ය අත්අඩංගුවට
බණ්‌ඩාරගම බී. එස්. ජයසිංහ
අධිවේගී මාර්ගයෙහි ගමන් කරමින් තිබූ මෝටර් රථයෙන් බැස අවට සිරි නරඹමින් සිටි සහකාර කථිකාචාර්යවරයෙකු කිලෝ මීටර් අසූව කණුව අසලදී පෙරේදා (15) සවස අත්අඩංගුවට ගත් බව දක්‌ෂිණ අධිවේගී මාර්ග කොට්‌ඨාසය කියයි.
බද්දේගම පිවිසුම් පොලිස් මුරපළේ නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා අධිවේගී මාර්ගයෙහි පයින් ගමන් කරද්දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොළඹ සිට මෝටර් රථයෙන් පැමිණෙන අතර බද්දේගම පිවිසුම් මාර්ගය නොපෙණුනු සෙයින් මෝටර් රථය ගාල්ල දෙසට යවා පිටවීම සඳහා පා ගමනින් පැමිණි බව ඔහු ප්‍රකාශ කර ඇත.
සැකකරු බද්දේගම පදිංචි 29 හැවිරිදි අයෙකු වන අතර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බද්දේගම පොලිසිය වෙත භාර දී ඇත.
දක්‍ෂිණ අධිවේගී මාර්ග කොට්‌ඨාස අධ්‍යක්‍ෂ (පොලිස් අධිකාරි) එරික් පෙරේරා මහතා ගේ උපදෙස් මත බද්දේගම පොලිස් මුරපළේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක දුමින්ද පෙරේරා සැරයන් කීර්ති. ගුණසේකර හා පොලිස් කොස්‌තාපල් අජිත් යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
http://www.divaina.com/2011/12/17/news09.html
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ හොරෙන් යන්න ගිහින් කොටුවෙලා
ප්‍රියදර්ශන ලියනගේ
ප්‍රවේශ පත් මිලදී නොගෙන නීතිවිරෝධී ලෙස දක්‍ෂිණ ලංකා අධි වේගී මාර්ගයේ ගමන් ගත් ඉහළ පෙළේ ප්‍රභූ ආරක්‍ෂක නිලධාරියකුට ආරක්‍ෂාව සැපයූ ආරක්‍ෂක රථයක් කොට්‌ටාව පිවිසුම් දොරටුව අසලදී ඊයේ (14 දා) එහි නිලධාරීන් විසින් නතර කර මුදල් අය කර ගෙන තිබේ.
පින්නදූව දොරටුවෙන් දක්‍ෂිණ ලංකා අධි වේගී මාර්ගයට ඇතුළු වී ඇති ඉහළ පෙළේ ප්‍රභූ ආරක්‍ෂක නිලධාරියා කොට්‌ටාව දක්‌වා ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන තිබේ. නමුත් මෙම ප්‍රභූ නිලධාරියාට ආරක්‍ෂාව සපයමින් ගමන් ගත් ජීප් රථයේ නිලධාරීන් කොට්‌ටාව දක්‌වා ගමන් කිරීමට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන නැත. මේ බව පින්නදුව පිවිසුම් දොරටුවේ නිලධාරීන් කොට්‌ටාව අන්තර් හුවමාරු මධ්‍යස්‌ථානයේ නිලධාරීන්ට දැනුම් දී ඇත. ඒ අනුව එහි සිටි නිලධාරීන් විසින් අදාළ ජීප් රථය නතර කර මුදල් අය කර ගෙන වාහනය නිදහස් කර ඇත.
දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් කිරීමට හැකියාව ඇත්තේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පමණි.
No comments:
Post a Comment