Monday, December 12, 2011

ප්‍රවේසම් වන්න ලේසර් කැමරාවක් සවිකර තිබේ

පණ්ඩුක සමරසේකර රක්ෂණ ශි‍්‍රයන්ත

ඉහළම තාක්ෂණයෙන් යුත් ලෝකයේ දියුණුම වේග මාපක ලේසර් කැමරා පද්ධතිය ඊයේ (11) සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ සවිකර ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ වනවිට රිය අනතුරු 93ක් සිදු වී ඇති අතර ඉන් වැඩිම ගණනක් අධික වේගය නිසා සිදුවූ ඒවා බවට තහවුරු වී ඇති නිසා මෙම කැමරා පද්ධතිය සවි කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීය.

රථයේ වේගය, රථයේ අංකය හා රියැදුරුගේ ඡායාරූපය ද මෙම ලේසර් කැමරාවේ සටහන් වන අතර මෙතෙක් මෙරට භාවිතා කරන ලද ලේසර් කැමරාවේ සටහන් වූයේ රථයේ වේගය පමණක් බවද පොලිස් අධිකාරීවරයා පැවසීය.

මෙතෙක් අනතුරට පත්වූ රථ අතරින් වැඩිම අනතුරු ගණන මෝටර් රථ බවද එම අනතුරුවලට හේතුව අධික වේගයට අමතරව මත්පැන් පානය සහ කාලගුණික තත්ත්වයන් බවද අජිත් රෝහණ මහතා ‘දිනමිණ’ට පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනකට රථ වාහන 7000 – 11000ත් අතර ගමන් ගන්නා අතර සති අන්තයේ දී මේ ප්‍රමාණය තවත් ඉහළ යන බවද පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.


http://www.dinamina.lk/2011/12/12/_art.asp?fn=n1112126

No comments:

Post a Comment