Wednesday, December 7, 2011

ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය ලාභ ලබන තත්ත්වයට පත්කළා

මැණික්‌ සහ ස්‌වර්ණාභරණ කර්මාන්තය ප්‍රවර්ධනය, සංවර්ධනය හා විධිමත් කිරීම යන කාර්යභාරයන් මෙහෙයවීමේ ප්‍රධාන රාජ්‍ය යාන්ත්‍රණය ලෙස ක්‍රියාත්මක වන ජාතික මැණික්‌ සහ ස්‌වර්ණාභරණ අධිකාරිය නොවැම්බර් මස වන විට රුපියල් මිලියන
12 ක ලාභයක්‌ ලබා ගැනීමට හැකි වූ බව අධ්‍යක්‌ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. එච්. එම්. නිමල් බණ්‌ඩාර මහතා පවසයි.

රුපියල් මිලියන 14 ක පාඩු ලැබූ අධිකාරිය තෙමසක්‌ තුළ මිලියන 26 කට වැඩි ආදායමක්‌ ඉපයීමේ ප්‍රතිඵලයක්‌ ලෙස රුපියල් මිලියන 12 ක ලාභයක්‌ ලබා ගැනීමට හැකි වූ බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

අධිකාරිය සතු මානව සම්පත් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීමත්, දක්‌ෂතා අනුව සේවක සේවිකාවන් ඇගයීමත්, ඉතා කෙටි කලක්‌ තුළ වියදම් අවම කිරීම තුළින් ක්‍රමවත් පරිපාලන රටාවක්‌ ක්‍රියාවට නැංවීමටත් කළමනාකාරිත්වයට හැකි වූ අතර කර්මාන්තයට අවශ්‍ය විධිමත් කළමනාකාරිත්වය ලබාදීමට ඉදිරියටත් අධිකාරිය නායකත්වය ගැනීමටද අපේක්‍ෂා කරන බව අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්. එච්. එම්. නිමල් බණ්‌ඩාර මහතා වැඩිදුරටත් පවසයි.

දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම හා නව සංවර්ධන ව්‍යාපෘති මගින් අධිකාරියේ ආදායම ඉහළ නැංවීමටද අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇත. මැණික්‌ කර්මාන්තයේ නියෑලෙන සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයාගේ සිට මහා පරිමාණ නිෂ්පාදකයා දක්‌වා සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවශ්‍ය දේශීය හා විදේශීය වෙළෙඳපළ අවස්‌ථා පුළුල් කිරීමට කටයුතු කර ඇති අතර දේශීය හා විදේශීය වශයෙන් ප්‍රදර්ශන රැසකටද දේශීය නිෂ්පාදකයන්ට සහභාගි වීමට අධිකාරිය අවස්‌ථාව නිර්මාණය කරදී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.


http://www.divaina.com/2011/12/07/news14.html

No comments:

Post a Comment