ඇමැති සී. බී. රත්නායක කියයි
හඟුරන්කෙත - සිරිල් විමලසුරේන්ද්‍ර සහ ඒ. එම්. අත්තනායක
මධ්‍යම පළාතේ දුෂ්කර ගම්මානවල වැසියන්ටත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වින්දනයක් ලබා ගැනීමට අවස්ථාව ලබාදීම පිණිස දක්ෂිණ අධිවේගී මාර්ගය පෞද්ගලික බස් ධාවනයට ද නොබෝ දිනකින් අවසර ලබා දෙන බව පෞද්ගලික ප්‍රවාහණ සේවා ඇමැති ආර්. එම්. සී. බී. රත්නායක මහතා හඟුරන්කෙත අධිකාරිගම මහජන බැංකුවේ ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථානය විවෘත කරමින් පැවැසීය.
පෞද්ගලික බස් රථ සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත වූ විට හඟුරන්කෙත හා අවට දුෂ්කර ගම්මානවල ජනතාවටත් අධිවේගී මාර්ගයක ගමන්කර අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසේ යෑයි ද ඇමැති සී. බී. රත්නායක මහතා කීවේය.
සමස්ත ජනතාවටම නවීන පහසුකම් ලබාදෙන සැබෑ සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීමේ පරාමාර්ථය ඇතිව කටයුතු කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ඇතිව මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු නුදුරු අනාගතයේදී ආරම්භ වන බවද ඒ මහතා කීවේය.
එමෙන්ම කුණ්ඩසාලේ ඉදිකිරීමට යෝජිත මහනුවර අභ්‍යන්තර ගුවන් තොටුපළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වන අතර නුවරඑළියේ ගුවන්තොටුපළ ඉදිකිරීමට පියවර ගන්නේයෑයිද ඇමැති රත්නායක මහතා කීවේය.
පෞද්ගලික බස් ධාවකයන්ටත් පහසුකම් රැසක් ගැනීමට පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය කටයුතු කරගෙන යමින් තිබෙනවා. බස් රථ ලබාගැනීම සඳහා පෞද්ගලික අංශයට මහජන බැංකුවේ ණය සහන ලබාගැනීමේ වරම් සැලසීමට කටයුතු කරනවා. නමුත් ණය යථා කාලයේදී ගෙවීම පැහැර හරින පෞද්ගලික බස් ධාවකයන්ගේ ධාවන බලපත්‍ර අවලංගු කෙරෙනු ඇත.
බස් රථවල ගමන් කරන භික්ෂුන් වහන්සේ සඳහා නවතම පහසුකමක් සැලසීමට සැලකිල්ල යොමු වී තිබෙන බව පැවැසූ රත්නායක මහතා භික්ෂුන් වහන්සේට මුදල් කටයුතු කිරීමේදී ඇතිවන දුෂ්කරතා මඟ හැරීම සඳහා ඉලෙක්ට්‍රොනික් පෙර ගෙවුම් කාඩ් පතක් හඳුන්වාදීමට පියවර ගන්නා බවද පැවැසීය.
http://www.divaina.com/2011/12/07/news15.html
No comments:
Post a Comment