- රාජ්‍ය සම්පත් ඇමැති දයාශ්‍රිත තිසේරා
ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඉදිරියේදී කන්තලේ සීනි සමාගමද ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්aෂා කරන බව රාජ්‍ය සම්පත් හා ව්‍යාවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා පැවැසීය.
එහිදී ඇඹිලිපිටිය කඩදාසි කම්හල් සේවකයන්ට මෙන්ම සාධාරණ වන්දි මුදල් ලබාදෙන බවද ඇමැතිවරයා කීවේය.
ඇමැතිවරයා මේ බව කීවේ පසුගියදා කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ සේවක සේවිකාවන්ට වන්දි ප්රදානය කිරීමේ උත්සවයේදිය. රු. දසලක්ෂයකට අධික වන්දි මුදල් හිමිකම් ලැබූ 54 දෙනකු ද රුපියල් ලක්ෂ අටකට අධික වන්දි මුදල් හිමිකම් ලැබූ 74 ක්ද රුපියල් ලක්ෂ පහකට අධික වන්දි හිමිකම් ලැබූ 43 දෙනෙකුද එහිදී වන්දි මුදල් ලබාගත්හ.
80 ජුලි වර්ජකයන්ට යූ.ඇන්. පී. ආණ්ඩුව කළා වගේ ඇඹිලිපිටිය සේවකයන්ට ආණ්ඩුව අසාධාරණයක් කර නැතැයිද රාජ්‍ය ආයතන රටට ඵලදායි ලෙස ගොඩනැගීම රජයේ අරමුණ බවද ඇමැතිවරයා කීවේය.
2003 සිට මේ දක්වා මාසිකව රුපියල් ලක්ෂ 43 ක් ඇඹිලිපිටිය වැටුප් ගෙවීමට පමණක් මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන තිබෙනවා. මේ වගේ විශාල ධනස්කන්දයක් නාස්ති කිරීමට තිත තබමින් කටයුතු කිරීම වරදක් නොවන බවත් ඇඹිලිපිටිය කම්හල ප්‍රතිව්‍යුහගත කිරීම තුළ අනාගතයේදී ප්‍රදේශයට වගේම රටේ ආර්ථිකයට ඵලදායි ආයතනයක් වන බවත් ඇමැතිවරයා තවදුරටත් කීවේය.
http://www.divaina.com/2011/12/07/news12.html
No comments:
Post a Comment