Monday, December 5, 2011

ලබන වසරේ සිට නව අධ්‍යාපන පනතක්

සමන්මලී පි‍්‍රයශාන්ති

ලබන වසර මැද සිට නව අධ්‍යාපන පනතක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) එස්. යූ. විජේරත්න මහතා පවසයි.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කළ හැකි වන සේ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් සකස් කළ මේ නව අධ්‍යාපන පනත ඉතා නුදුරේ දී කතානායකවරයා වෙත භාර දීමට නියමිත බවත් ඒ මහතා කීවේය.

අදාළ පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යාපනය සඳහා වූ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව මේ වන විට විසිපස් වතාවක් සාකච්ඡා කර තිබෙන බවත් විජේරත්න මහතා කීය.

අධ්‍යාපනයට සම්බන්ධ නියෝජිතයන්, විවිධ ආයතන, විද්වතුන් සහ වෙනත් නියෝජිතයන් සමඟ ද මේ නව පනත ගැන සාකච්ඡා කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

දැනට මේ පනත නෛතික කටයුතු සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙන අතර නෛතික කටයුතු නිමා වූ විගස පාර්ලිමේන්තුවේ දී සම්මත කොට ගෙන 2012 වසර මැද සිට නව පනත ක්‍රියාත්මක කරන බවත් විජේරත්න මහතා පැවසීය.


http://www.dinamina.lk/2011/12/05/_art.asp?fn=n11120512

No comments:

Post a Comment