Saturday, December 17, 2011

හොරණ ගෝනපොළ මංසන්ධියේ බෝක්කු - කාණුවල අපද්‍රව්‍ය පිරිලා

හොරණ සමූහ බන්ධුල ආර්. ගුලවත්ත

හොරණ කොළඹ මහාමාර්ගය හරහා ඇති බෝක්කුවේ අපද්‍රව්‍ය පිරීම නිසා කාණු වල ජලය ගලා නොයෑමෙන් ගොනාපොළ මංසන්ධිය වර්ෂා ජලයෙන් යටවී ඇත.මහා මාර්ගයට ආසන්නව පිහිටි බදාදා සති පොළ සම්පූර්ණයෙන්ම වර්ෂා ජලයෙන් යටවීම නිසා වෙළෙන්දන් සහ පාරිභෝගික ජනතාවට ද මහත් පීඩාවට පත් වූහ.

මොරගහහේන පිළියන්දල, ගෝනාපොළ බණ්ඩාරගම, හොරණ කොළඹ මාර්ග අයත්වන ගෝනාපොළ මංසන්ධියේ වර්ෂා ජලයෙන් යටවීම නිතරම සිදුවෙතත් එම ගැටලුවට කිසිම බලධාරියෙකුගෙන් මෙතෙක් විසඳුමක් ලැබී නැති බව ප්‍රදේශවාසීහු පවසති. මාර්ගය පළල් කිරීමේ මිනුම් කටයුතු අවසන් කර වසර තුනක් ගතවූ බව ප්‍රදේශවාසීහු පවසති. වන්දි ගෙවීමේ කටයුතු පිළිබද ගැටලුකාරී තත්ත්වය මත මාර්ගය පුළුල් කිරීම ප්‍රමාද වී ඇති වග මහාමාර්ග අමාත්‍යාංශයෙන් වාර්තා වේ.




අපවිත්‍ර ද්‍රව්‍ය පිරී ඇති කාණුව
ඡායාරූපය - හොරණ සමූහ

No comments:

Post a Comment