Saturday, December 3, 2011

ඒ ඉන්ධන අපේ නෙවෙයි - මහවත්ත ඇළේ ගිය ඩීසල් ගැන සංස්‌ථාව කියයි

ශිරාන් රණසිංහ

කොළඹ, බ්ලූමැන්ඩල්, මහවත්ත ප්‍රදේශයේ ඇළකට ගලාගිය ඉන්ධන සංස්‌ථාවට අයත් ඉන්ධන නොවේ යෑයි ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි (සීපීඑස්‌ටීඑල්) වැඩබලන සභාපති මෙත්සිරි විඡේගුණවර්ධන මහතා පවසා සිටී. මෙම ඉන්ධන ඩීසල් බවත් වරාය අධිකාරිය යටතේ ඇති ඡේ. සී. ටී. ඔයිල් බෑන්ක්‌ නමැති පෞද්ගලික සමාගමට අයත් ඩීසල් මෙලෙස පළුදු වූ නළ වලින් ගලාගෙන යන බව කර තිබෙන පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති බවත් ඒ මහතා පවසා ඇත.

ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අයත් නළ වලින් නොව අදාළ ඡේ. සී. ටී. ඔයිල් බෑන්ක්‌ සමාගමට අයත් නළ වලින් ඉන්ධන ගලාගිය බවද ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයද කියා සිටී.

කෙසේ වෙතත් නළ සිදුරු වී ඉන්ධන අපතේ යැම පිළිබඳව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සී. පී. එස්‌. ටී. එල්) ඡේ. සී. ටී. ඔයිල් බෑන්ක්‌ පුද්ගලික සමාගම එක්‌ව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මේ අතර මෙම ස්‌ථානයේ ඇති අනවසර නිවාස යටින් නළ ගමන් කිරීම නිසා, නළ මතුකරගත නොහැකිවී ඇතැයිද තෙල් සංස්‌ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.


http://www.divaina.com/2011/12/03/news03.html

No comments:

Post a Comment