Thursday, December 8, 2011

දැලිවල පාසල අසලට ඊයේ වල් අලියෙක්‌ එයි

වලපනේ - අරුණ ඩයස්‌

වලපනේ අධ්‍යාපන කලාපයට අයත් දැලිවල විදුහල අසලට ඊයේ (07 වැනිදා) දහවල් වල් අලියකු පැමිණ රැඳී සිටීම නිසා දැඩි නොසන්සුන්තාවක්‌ ඇති විය.

රන්දෙනිගල අභය භූමියේ සිට පැමිණි අලි රංචුවකින් හුදෙකලා වූ මෙම අලියා පාසල අසලට පැමිණීමෙන් පසුව පාසල් දරුවන් වෙන ශාලාවකට යොමුකර පාසල් ප්‍රධානීන් ආරක්‍ෂාව ලබාදී තිබිණි. ඊයේ දහවල් වනතුරුත් අලියා පාසල අසලින් ඉවත්ව නොගියේය.


http://www.divaina.com/2011/12/08/news09.html

No comments:

Post a Comment